si_uni  ta_uni
TamilEnglish

 

මුල් පිටුව All News 2020 ජූලි 26 දින ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරුම
2020 ජූලි 26 දින ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරුම

         2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී අද්විතීය, විශේෂිත සහ තර්ජනයට ලක්ව ඇති කඩොලාන පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම අරමුණු කරගනිමින් සෑම වසරකම ජූලි 26 දින ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

        මෙම දිනය සැමරීම සඳහා පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව අංශය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, පුබුදුගම සංරක්ෂිත වනාන්තරයේ හෙක්ටයාර 02 ක පමණ භූමියක කඩොලාන පැළ 3000 ක් පමණ සිටුවීමේ වැඩසටහනක් 2020 ජූලි 26 දින සිදු කරන ලදී.  

        මෙම භූමිය ලුනු සැදිම සඳහා භාවිතා කර අත්හැර දමා තිබූ අතර ජල වහනය දියුණු කරමින් භූමිය සකස්කර විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරමින් කඩොලාන විශේෂ තෝරාගැනීම සිදු කරන ලදී. තවද ඉදිරියේදී පර්යේෂණ සිදුකිරීමට සුදුසු කඩොලාන භූමියක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

      පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති කඩොලාන සංරක්ෂණය සහ තිරසර භාවිතය පිළිබඳ ජාතික විද්වත් කමිටුවේ සභාපති වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරී කණ්ඩායම මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලදී.