si_uni  ta_uni
TamilEnglish

 

 

මුල් පිටුව All News දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා වැඩසටහනේ (සකෙප්), උපදේශන කමිටු රැස්වීමෙහි සභාපති ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කිරීම
දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා වැඩසටහනේ (සකෙප්), උපදේශන කමිටු රැස්වීමෙහි සභාපති ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කිරීම

පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා වැඩසටහනේ (සකෙප්), උපදේශක කමිටුවේ සභාපති ලෙස 2021 මාර්තු මස සිට වසරක කාලයක් සඳහා පත් කරන ලදී.

සකෙප් යනු 1982 වසරේදී  දකුණු ආසියානු  රජයන් විසින් සංගමික ව්‍යවස්ථාවට අනුව   කලාපයේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම සහ සහාය දීම සඳහා පිහිටුවන ලද අන්තර් රාජ්‍ය සංවිධානයකි. සකෙප් හි සාමාජිකත්වය ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රජයන්ගෙන් සමන්විත වේ.

තවද උපදේශන කමිටුව කොළඹ ස්ථානගත වී සිටින සියලුම සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයින්ගෙන් සමන්විත වේ. උපදේශක කමිටු වගකීම වනුයේ පාලක සභාව විසින් තීරණය කරනු ලබන වැඩසටහන් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සඳහා පහසුකම් සැලසීමයි.

අවසන් යාවත්කාලීන කිරීම 2021 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 00:58
 
//