-
- Registration for obtaining Quota to import Hydrochlorofluorocarbon (HCFC) in 2021
- Proposed National Policy on Chemicals Management
- National Green Reporting System (NGRS) of Sri Lanka 2020
- PROJECTS
- NGRS Application
- International Biodiversity Day 2020
- World Earth Day 2020
- Climate Mitigation Action Support Project (CMAS) Procurement Notices
- Methodology for being eligible to import HCFC under quota mechanism
- World Day to Combat Desertification and Drought
- National Policy and Strategies on Traditional Knowledge and Practices related to Biodiversity
-
-
- National Flower of Sri Lanka
- Right to Information Act - Contact details
- Clean Air 2025
- Environment and Social Management Framework-ESMF of GCF funded project on Strengthening Climate Resilience of Subsistence Farmers and Agricultural Plantation Communities residing in the vulnerable river-basins, watershed areas and downstream of the Knuckles Mountain Range Catchment of Sri Lanka
- National Policy on Access to Biological Material and Fair and Equitable Benefit Sharing
- Public Comments - National Policy on Conservation and Sustainable Utilization of Mangrove Ecosystems in Sri Lanka
- e- news paper - Paleo Biodiversirty
- ENVIRONMENTAL AND SOCIAL MANAGEMENT FRAMEWORK FOR THE SRI LANKA INTEGRATED WATER RESOURCES AND WATERSHED MANAGEMENT PROJECT
- Integrated Watershed & Water Resources Management Project - Resettlement Policy Framework
- Environmental and Social Screening Report & Environment and Social Management Plan Mahalindawewa Irrigation Scheme
- ESSR and ESMP for Walawa of Integrated Watershed and Water Resources Management Project
- Special notice to importers, purchasers, owners and service providers of Refrigeration & Air Conditioning Equipment working on R 22 refrigerant
- National Policy on Sustainable Consumption and Production
- National Waste Management Policy
- Green building guidelines
- Sri Lanka Next
- Biosafety News Letter
- News Letter Booklet on Biosafety
- Programme for creation of awareness for the Governemtn Teachers on Environment Education Introduce under the New Syllabus
- Lunch Sheets, Shopping bags, Grocery bags and E.P Lunch boxes are prohibited
- Naagarika Thuru Viyan
- Wana Ropa
- Open Government Data Set
ප්‍රතිපත්ති |
පිවිතුරු නිෂ්පාදන ප්‍රතිපත්තිය -2004
මෙම ප්‍රතිපත්තියේ අරමුණ වනුයේ පිවිතුරු නිෂ්පාදන සංකල්පය හා එහි භාවිතයන්, රටේ සියලුම සංවර්ධන අංශ වලට ඇතුලත් කිරීමය. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා සංචාරක ක්ෂේත්‍ර සඳහා ආංශික ප්‍රතිපත්ති ගොඩනඟා ඇත.
ජාතික වායු තත්ව කලමනාකරණ ප්‍රතිපත්තිය - 2000
මෙම ප්‍රතිපත්තියේ අරමුණ වනුයේ වායු දුෂණය නිසා සිදුවන්නාවු රෝග තත්වයන් අවම කර එමගින් ජාතික සෞඛ්‍ය සඳහා දැරීමට සිදුවන වියදම අවම කිරීම හා යහපත් වායු තත්වයක් පවත්වාගෙන යෑමය.
ජාතික ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තිය -2005
ජෛව සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මඟින්, ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රමවේදයක් ඇතිකර, මානව සෞඛයට හා පරිසරයට සිදුවිය හැකි තර්ජනයන් අවම කිරීම හා එමගින් නූතන ජෛව තාක්ෂණය හරහා ලබාගත හැකි උපරිම ප්රයෝජනයන්ද අත්කරගත හැකි සමස්ථ රාමුවක් සකසනු ලබයි.
ජාතික පාරිසරික ප්‍රතිපත්තිය - 2003
සමාජ හා ආර්ථික සංවර්ධන අවශ්‍යතා සහ පාරිසරික ඒකාබද්ධතාවය යන කරුණු තුලනය කරමින් ශ්‍රී ලංකාවේ පරිසරය ඉතා හොදින් කළමනාකරණය කිරීම ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගනු ලබයි.
ජාතික වන විද්‍යා ප්‍රතිපත්තිය - 1995
මෙම ප්‍රතිපත්තිය ඇති කරනු ලැබූයේ දැනට ශ්‍රී ලංකාවේ ඉතිරිව පවතතින ස්වභාවික වනාන්තර ආරක්ෂාකර ගැනීම මගින් ජෛව විවිධත්වය, පස හා ජල සම්පත් සංරක්ෂණය කිරීමට අවශ්‍යය පැහැදිලි යොමු කිරීමක් ලබාදීම සඳහාය. මෙම ප්‍රතිපත්ති ප්‍රකාරව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වනාන්තර කලමනාකරණ පද්ධති 04ක් යටතේ වර්ග කර ඇති අතර ඒවා දැඩි ලෙස සංක්ෂිප්ත , නිස්සාරණය නොකර භාවිතයට ගත හැකි, තිරසාර ලෙස දැව නිෂ්පාදනය කිරීම සිදුකරන බහු කාර්යන් ඉටුකර ගත හැකි වනින්තර කළමනාකරණය හා ප්‍රජාවගේ සහභාගීත්වය ඇතිව වනාන්තර කළමනාකරණය ලෙසට කාණ්ඩ කර ඇත.
ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය
අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2006
අලි ඇතුන් ශ්‍රී ලංකාවේ අතීතය, සංස්කෘතිය, ආගම්, පුරාවර්තයන් මෙන්ම දේශපාලනය සමඟද සමීප ලෙස සබැදියාක් ඇති අතර, මොවුන්ගෙන් තොර දිවයිනක් ගැන සිතා ගැන්මටත් නොහැකි තරම්ය. එබැවින් මෙම වර්තමාන ප්‍රතිපත්තිය සකසා ඇත්තේ අලි- මිනිස් ගැටුම පාලනය කිරීම මඟින් ශ්‍රී ලංකාව තුල අලි ඇතුන්ගේ පැවැත්ම දිගු කාලීනව තහවුරු කිරීම සඳහාය.
වැලි, ඉදිකිරීමේ කර්මාන්තයේදී යොදා ගන්නා සම්පතක් ලෙස සැලකීමේ ජාතික ප්‍රතිපත්තතිය- 2006
මෙම ප්‍රතිපත්තිය මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල, ජාත්‍යන්තර හා ජාතික බැදීම් එනම් 1992 අංක 33 දරන පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත, 1980 ජාතික පාරිසරික පනත, 1981 වෙරළ සරක්ෂණ පනත හා අනෙකුත් නීති පද්ධති, රෙගුලාසි හා ප්‍රතිපත්ති ප්‍රකාශයන් පිළිබිඹු කරනු ලබයි. එමගින්, රජය,මහජනතාව සමඟ සහයෝගයෙන් යුතුව දක්වනු ලබන කැපවිම මගින් අනාගත, වර්තමාන පරම්පරාවන් සඳහා වැලි සම්පත කාර්යක්ෂම ලෙස කළමනාකරණය අර්ථ නිරූපනය කරනු ලබයි.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ ආයතන මගින් ඒ සඳහා දක්වනු ලබන දායකත්වය අවම වීම නිසා හටගෙන ඇති විවිධ පාරිසරික ගැටලු හේතුවෙන් පරිසර අමාත්‍යාංශය ඒවාට විසදුම් සෙවිම සඳහා ජාතික ප්‍රවේශයක් තිබීමේ අවශ්‍යතාවය හදුනාගෙන ඇත. ඒ අනුව, ජාතික හා පළාත් මට්ටමින්, ඒකාබද්ධ, ආර්ථික මට්ටමට ඔරොත්තු දිය හැකි හා පාරිසරික වශයෙන් යහපත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් මෙරට තුල ක්‍රියාත්මක කිරීම සඳහා පිඹුරුපත් සකසන ලදී. මෙම ප්‍රතිපත්තියේ මූලික අරමුණු නම්, a) සියලුම අපද්‍රව්‍ය ජනනය කරන්නවුන්, අපද්‍රව්‍ය කළමනාකරණය හා සේවා සපයන්නන්ගේ පාරිසරික වගවිම හා සමාජ වගකීම තහවුරු කිරීම. b) පරිසර හිතකාමී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සඳහා තනි පුද්ගලයින් හා සියලු ආයතනයන් ඒකාබද්ධ කිරීමට ක්‍රියාකාරි ලෙස දායක වීම. c) අපද්‍රව්‍ය තැන් තැන් වල බැහැර කිරීමේ ප්‍රමාණය අවම කිරීම සඳහා, අවශ්‍ය සම්පත් උපරිම ලෙස සපයා ගැනීම. d) අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා සිදුවන්නාවු හානිකර පාරිසරික බලපෑම් අවම කිරීම මගින් ජනතාව හා පරිසර පද්ධති වල යහපැවැත්ම තහවුරු කිරීම. පිළිසරු ජාතික කසල කලමනාකරණ වැඩසටහන සකසා ඇත්තේ මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහාය. ඒ අනුව, මෙම ප්‍රතිපත්තියේ කෙටි කාලීන උපාය මාර්ග ඉලක්කයන් සපුරා ගැනීම ඉලක්ක කොටගත් තුන් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකසා ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. මෙම ප්‍රතිපත්තියේ ඒකාබද්ධ ක්‍රියාත්මක යාන්ත්‍රණය සිදුවීම තහවුරු කිරීම සඳහා, “ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික වේදිකාව” නම් මුලික ඒකකයක් සකසා ඇත. මෙහි අරමුණ වනුයේ සමස්ථ මගපෙන්වීමක් සැපයීම , ජාතික සම්බන්ධීකරණය හා සම්පත් සංචරණය මගින් ආර්ථික හා කාර්මික වැඩසටහන් වලට අවශ්‍ය පහසුකම් සලසා දීමය.
තෙත්බිම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2005
මෙම ප්‍රතිපත්තිය මගින් ජාතික පාරිසරික ප්‍රතිපත්තිය හා අනෙකුත් අදාල ජාතික ප්‍රතිපත්ති වලට වලංගුතාවයක් ලබා දෙන අතරම, එක් පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතීන්, සන්ධාන, ගිවිසුම් හා එකඟතා වලට ජාතික මට්ටමින් කැපවීමක් ලබාදීම සිදුකරයි. |
අවසන් යාවත්කාලීන කිරීම 2012 පෙබරවාරි 17 වෙනි සිකුරාදා, 12:55 |