“සුරකිමු ගංගා” “හුස්මදෙනතුරු” සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ “තුරුමිතුරු නව රටක්” යන වැඩසටහන් සමග මෙරට ගංගා පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමට සහ වන ආවරණය වැඩිකරගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධහමුදා දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහයෝගයෙන් 2021/10/10 දින පෙ.ව. 10.10 ට කුඹුක් පැළ 10,000 ක් දීප ව්‍යාප්තව ඉතා සාර්තකව රෝපණය කරණ ලදී.
මෙම වැඩසටහනේ ජාතික සංකේතාත්මක රුක් රෝපණ වැඩසටහන ගරු පරිසර ඇමතිතුමාගේ සහභාගීත්වයෙන් අකුරෙගොඩ යුධ හමුදා මූලස්තානය පිවිසුම් මාර්ගයේදී පවති අතර එම අවස්තාව සදහා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සභාපති - මධ්‍යම පරිසර අධිකාරිය, අධ්යක්ෂ - පරිසර සැලසුම් හා ආර්ථික, වැඩසටහන් කළමනාකරු - සුරකිමු ගංගා වැඩසටහන, අධ්යක්ෂ ජනරාල් - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලුතිනන් කර්නල් රාජිත දිසානායක යන නිලධාරීන් ද සහභාගී වන ලදී.