si_uni  ta_uni
TamilEnglish

 

පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය

ගරු එස්. එම. චන්ද්‍රසේන මැතිතුමා 



පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශ ලේකම්

ඒ.එච්.එස්. විජේසිංහ මහතා

2020 ජූලි 26 දින ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරුම

         2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී අද්විතීය, විශේෂිත සහ තර්ජනයට ලක්ව ඇති කඩොලාන පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම අරමුණු කරගනිමින් සෑම වසරකම ජූලි 26 දින ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

තව දුරටත් කියවන්න...
 
ලෝක කඳුකර දින සැමරුම් උත්සවය - 2019

කඳුකරය ඉතා රමණීය භූ දර්ශණයක් වන අතර ඉහළ ජෛවවිවිධත්වයකින් මෙන්ම සංස්කෘතිකමය වටිනාකමකින් යුතු හා පාරිසරික සේවාවන් රාශියක් සපයන ප්‍රභවයක් ලෙස ඉතා වැදගත් වේ.

කඳුකරය, ලෝකයේ භෞමික ජෛවවිවිධත්වයෙන්  25%ක් දරණ අතර ජෛවවිවිධත්ව උණූසුම් ස්ථානවලින් 50%ක් කඳුකරයයි. තවද ලෝක ජනගහනයෙන් 15% කඳුරයේ ජීවත් වේ.  ආවේණික ජීවී විශේෂ සංඛ්‍යාවද ඉතා ඉහළය. විශාල විශේෂ විවිධත්වයක් හා වාසභූමි විවිධත්වයක්ද ඇත. එසේම කඳුකරය තුළ විවිධ ජන කොට්ඨාශ, සංස්කෘතිකමය විවිධත්වය සහ පාරිසරික දැනුම හා ඒ අනුව අනුවර්තනය වු ප්‍රජාවන් දක්නට ලැබේ.

තව දුරටත් කියවන්න...
 
ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ප්‍රගති සමාලෝචන හා රාජ්‍ය,රාජ්‍ය නොවන, පුද්ගලික අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය මඟින් 2016-2022 වසර සඳහා ජෛවවිවිධත්ව සංරක්ෂණය, තිරසාර භාවිතය හා එහි ප්‍රතිලාභ සමාන හා සාධාරණ ලෙස බෙදීයාම යන අරමුණු පෙරදැරි කරගෙන ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලදී.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

JPAGE_CURRENT_OF_TOTAL