small gov

විශ්වාසනීය සහ ජාත්‍යන්තරව පිළිගත් පාරිසරික ලේබලකරණ සහ සහතිකකරණ පද්ධතියක් සහ ප්‍රමිතීන් ශ්‍රී ලංකාව තුල ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල පාරිසරික ලේබලකරණ පිලිබඳ ජාතික රාමුව ස්ථාපිත කිරීම සඳහා පරිසර අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද සංදේශය සඳහා 2022.11.21 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව,  පරිසර හිතකාමී නිෂ්පාදන සහ පරිභෝජන රටාවන් සඳහා නිෂ්පාදකයින් මෙන්ම පාරිභෝගිකයින් දිරිගැන්වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් පාරිසරික ලේබලකරණය සඳහා පුළුල් රාජ්‍ය සහයෝගය ලබා දීම සහ නිෂ්පාදන සහ සේවා හරිත ශෝධනය (Green Washing) අවම කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබේ.