small gov

ඒ ඒ අංශ අතර මනා සම්බන්ධතා ගොඩනගමින් ආයතන පරිශ්‍රයේ යහපැවැත්ම ඇතිකරමින් කාර්ය මණ්ඩලය වෙත අවශ්‍ය යටිතල පහසුකම් සපයා දී සාමකාමී හා ඵලදායී වැඩ පරිසරයක් සකස් කිරීම හා එමෙන්ම සේවාවන් බලාපොරොත්තුවන් පැමිණෙන පාර්ශවයකට වුවද මඟපෙන්වීම හා සහයෝගය ලබා දීමට හැකි ඵලදායී වැඩ පරිසරයක් ගොඩ නැංවීම. අමාත්‍යාංශය භාර අමාත්‍යතුමන්ගේ මඟපෙන්වීම මඟින් ලේකම්තුමා වෙතින් ලැබෙන නායකත්වය මත අතිරේක ලේකම්වරයකුගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පාලන අංශයට අදාළ කාර්යයන් ඉටු කිරීමට මනා පළපුරුද්දක් හා දැනුමකින් සමන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

අරමුණු

  • අමාත්‍යාංශයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිය හැකි භෞතික පරිසරයක් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම.
  • අමාත්‍යාංශය සම්බන්ධ අරමුණු හා කාර්යයන්ට ගැලපෙන උසස් හා ප්‍රශස්ථ කාර්යය මණ්ඩලයක් පවත්වා ගෙන යාම.
  • ආයතන සමඟ ඉහළ සම්බන්ධීකරණයක් ඇති කිරීම හා පවත්වා ගෙන යාම
  • උපයෝගී සේවාවන් (ආරක්ෂාව, සනීපාරක්ෂාව) අඛණ්ඩව හා ඵළදායී ලෙස සපයා ගැනීම හා පවත්වාගෙන යාම.
  • අමාත්‍යාංශයේ යටිතල පහසුකම් ( ප්‍රවාහන, විදුලි. ජල සැපයුම, දුරකථන) කාර්යක්ෂම හා ඵලදායී ලෙස සැපයීම, නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම.
  • කාර්යය මණ්ඩල සුභ සාධනය, අමාත්‍යාංශයේසමස්ථ පාලනය , මෙහෙයවීම හා ඇගයීම උසස් මට්ටමකට ගෙන ඒම

කාර්යයන්

    • අමාත්‍යාංශයේ සමස්ථ කාර්යය මණ්ඩල පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම ඇතුළු සියලුම ආයතන කටයුතු.
    • කාර්යය මණ්ඩලයඅවශ්‍යතා හදුනාගැනීම, නව තනතුරු ඇති කිරීමහා අනුමත කාර්යය මණ්ඩලය යාවත්කාලීන කිරීම.
    • උපයෝගී සේවාවන් (ආරක්ෂක, සනීපාරක්ෂක) සපයා ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් හා ගිවිසුම් කටයුතු අධීක්ෂණය කිරීම.
    • අමාත්‍යාංශයේ සියළුම වාහන වල ලියාපදිංචි කිරීම්, අනුයුක්ත කිරීම්, රක්ෂණය, නඩත්තුව, ඉන්ධන සම්බන්ධ කටයුතු හා සංචිත වාහන සැපයීමට අදාළ කටයුතු.
    • අමාත්‍ය මණ්ඩල සංදේශ, පාර්ලිමේන්තු ප්‍රශ්න, ආයතනවල වාර්ෂික වාර්තා, පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව, මානව හිමිකම්, දේශපාලන පළිගැනීම් ආදී කටයුතු සම්බන්ධීකරණය.
    • අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සදහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ කටයුතු
    • ගරු අමාත්‍යතුමන්ලාගේ තාවකාලික කාර්යය මණ්ඩල පත්කිරීමට අදාල කටයුතු.
    • තැපෑල විධිමත්ව පවත්වාගෙන යාම.
    • ලේඛනාගාරය පවත්වා ගැනීමට අදාළ කටයුතු
    • තිරසර පරිසර සංවර්ධනය සදහා වන අන්තර් අමාත්‍යාංශ කමිටු හා මාණ්ඩලික නිලධාරී රැස්වීම් පැවැත්වීම, පවත්වාගෙන යාම හා ශ්‍රවනාගාරය පාලනයට අදාළ කටයුතු.
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කර ඇති සංවරධන නිළධාරීන්ට (පරිසර) මගපෙන්වීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය

අපේ කණ්ඩායම

s samarakoonඑස්.එම්.ජී.කේ. සමරකෝන් මිය
ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්

Ms Ashaniඑම්.එල්.එස්. අශානී මිය
සහකාර ලේකම් (පාලන)

g dumy
සහකාර ලේකම් (පාලන)

g dumyඑම්.එස්.එම්. ප්‍රනාන්දු මිය
පරිපාලන නිලධාරී