small gov

අංශය විසින් සපයනු ලබන සේවාවන්

පරිසර දූෂණය පාලනය පිළිබඳ මහජන පැමිණිලි විසදීමට දායක වීම.

රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය පිළිබඳ ජාතික තීරණ ගැනීම සඳහා BRSM (බාසල්, රොටඩෑම්, ස්ටොක්හෝම්, මිනමාටා) කමිටුවේ ජාතික සම්බන්ධීකරණ කමිටුව පැවැත්වීම.

අත්සන් කරන ලද සම්මුතීන්, කෙටුම්පත්, ගිවිසුම් සහ අරමුදල් සපයන ආයතන

  • සම්මුතීන්
    • උපද්‍රවකාරී අපද්‍රව්‍ය රටවල් අතර සංසරණය පාලනය කිරීම සහ ඒවා බැහැර කිරීම පිළිබඳ බාසල් සම්මුතිය (බාසල්)-www.basel.int 1980 ගණන්වල අගභාගයේදී කාර්මික රටවල පාරිසරික රෙගුලාසි දැඩි කිරීම උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමේ පිරිවැය ඉහළ නැංවීමට හේතු විය. අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ලාභදායී ක්‍රම සොයමින් “වෙළෙන්දෝ” සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ නැගෙනහිර යුරෝපයට උපද්‍රවකාරී අපද්‍රව්‍ය නැව්ගත කිරීමට පටන් ගත්හ. මෙම ක්‍රියාකාරකම හෙළි වීම බාසල් සම්මුතිය කෙටුම්පත් කිරීමට හා සම්මත කිරීමට හේතු විය.
    • දිගූකල් පවතින කාබනික දූෂක පිළිබඳ ස්ටොක්හෝම් සම්මුතිය (POPs) - www.pops.int කාබනික දූෂක පිළිබඳ ස්ටොක්හෝම් සම්මුතිය යනු දීර්ඝ කාලයක් තිස්සේ පරිසරය තුළ නොවෙනස්ව පවතින, භූගෝලීය වශයෙන් පුළුල් ලෙස ව්‍යාප්ත වී මිනිසුන්ගේ සහ වන ජීවීන්ගේ මේද පටක තුලට එකතු වන රසායනික ද්‍රව්‍ය වලින් මානව සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ගෝලීය ගිවිසුමකි.
    • රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය - www.mercuryconvention.org රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය රසදියෙහි අහිතකර බලපෑම් වලින් මානව සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ගෝලීය ගිවිසුමකි
    • ජාත්‍යන්තර වෙළඳාමේ ඇතැම් උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය හා පළිබෝධනාශක සඳහා පූර්ව දැනුම් දීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ රොටර්ඩෑම් සම්මුතිය, රොටර්ඩෑම් සම්මුතිය යනු අන්තරායකර රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් හවුල් වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන බහුපාර්ශ්වික ගිවිසුමකි
  • අරමුදල් සපයන ආයතන
    • ගෝලීය පරිසර පහසුකම (GEF) / එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය - (UNIDO)