small gov

තේමාව: "නිර්මාණාත්මක නවෝත්පාදනය"

සම්පත් භාවිතය අවම කිරීම මගින් චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය මාර්තු 18 වන දින සමරනු ලැබීය. කඩදාසි, ප්ලාස්ටික්, ලෝහ සහ වීදුරු අපද්‍රව්‍ය සම්පත් සහ බලශක්ති පිරිවැය අඩු කරමින් නව නිෂ්පාදන නිපදවීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය කිහිපයකි.

පරිසර අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය සභාව සමඟ එක්ව හෝමාගම පිටිපනදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය නිවෙස්වලින් සහ ආයතනවලින් එක්රැස් කිරීමේ වැඩසටහනක්  ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය වෙනුවෙන් සංවිධානය කළේය. මෙම වැඩසටහන සඳහා USAID - Ocean Plastic Reduction Activity අනුග්‍රහය දැක්විය. මෙහිදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 01ක් පමණ එක්රැස් කරන ලදී.

Recycling Day 2023 1 Recycling Day 2023 2 Recycling Day 2023 3 

Recycling Day 2023 4 Recycling Day 2023 5 Recycling Day 2023 6