එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ 28 වන සැසිවාරය (COP 28) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සභාපතිත්වය යටතේ 2023 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ දී පැවැත්වීමට නියමිතය. ඒ සදහා, ශ්‍රී ලංකාව කල් ඇතිව සාර්ථක ලෙස සුදානම් වීම සදහා අවශ්‍ය සහය ලබා ගැනීම මුලික අරමුණයි.“ඊජිප්තුව,ශ්‍රී ලංකා හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ත්‍රි-පාර්ශ්වික සන්ධානය” පිහිටුවීම, ඒ අනුව ත්‍රි-පාර්ශ්වික සන්ධානය දියත් කිරීමේ වැඩසටහන අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ මුලිකත්වයෙන් 2023 ජුනි මස 20 දින පෙ.ව. 10.30 දක්වා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ මෙරට තානාපති සහ උපදේශක H.E. Khaled Nasser AlAmeri, ඊජිප්තු ජනරජයේ තානාපති සහ දෙවන ලේකම් H.E. Maged Mosleh,පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු සහ අධ්‍යක්ෂවරුන්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධක්ෂ ජනරාල් සහභාගී විය




