කඩොලාන ප්‍රතිෂ්ඨාපනය, සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග හා එහි වැදගත්කම පිළිබඳව අත්දැකීම් බෙදා ගනිමින් 2023 ජූලි 23 දින ජාතික රූපවාහිණියේ පැය 2ක ආයුබෝවන් වැඩසටහනක් විකාශනය කෙරුණි. මෙම රූපවාහිණී වැඩසටහන පරිසර අමාත්‍යාංශ ලේකම්ගේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කඩොලාන ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ පර්යේෂකයකු සහ පෞද්ගලික අංශය නියෝජනයෙන් රූපවාහිණී සංස්ථා මැදිරියේදී සිදු කෙරුණි.
තවද, පුබුදුගම හා ආනවිලුන්දාව කඩොලාන ප්‍රතිෂ්ඨාපන භූමියන් ආශ්‍රිතව සිදු කරනු ලබන කඩොලාන ප්‍රතිෂ්ඨාපනයන් පිළිබඳවත්, ගඟේ වාඩිය කඩොලාන පරිසර පද්ධතියෙන් ලබාදෙන පාරිසරික, ආර්ථික හා සමාජීය සේවාවන් පිළිබඳවත්, එම ප්‍රදේශයේ ප්‍රජාව සහභාගී කරගනිමින්, කඩොලාන සංරක්ෂණය හා තිරසර භාවිතය සම්බන්ධ ජාතික විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය. සෙව්වන්දි ජයකොඩි මහත්මිය විසින් මෙහෙය වනු ලැබු පටිගත කිරීමක්ද, ආයුබෝවන් වැඩසටහනෙන් විකාශය කෙරුණි.
කඩොලාන පරිසරය සුරකිමු ඉරිදා ආයුබෝවන්




