small gov

අප විසින් එදිනෙදා භාවිත කරන සියලුම වර්ගයේ ප්ලාස්ටික් නිසි පරිදි කළමනාකරණය නොකිරීමේ ප්‍රතිවිපාකයන්ට මේ වනවිට අප සමාජය මුහුණ දී ඇත. ප්ලාස්ටික් බඳුන්වල ජලය එක්රැස් කිරීමෙන් ඩෙංගු මදුරුවන්ගේ පැතිරීම තුළ ඇති වන සෞඛ්‍ය ගැටළු, ජල මාර්ග අවහිර වීමෙන් වැසි දිනවල මහාමාර්ග හා ගොඩනැගිලි ජලයෙන් යටවීම ප්ලාස්ටික් අහිතකර බැහැරකිරීම නිසා සංවේදී පාරිසරික කලාපයන්ට ඇතිවන බලපෑම, පරිසරයේ අලංකාරත්වය නැතිවීම මේ වනවිට ඇතිවන ගැටලුකාරී තත්වයන්ට උදාහරණ වේ.

ගෝලීය වශයෙන් සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 400කට වඩා නිපදවන අතර ඉන් අඩක් එක් වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් ලෙස නිපදවන අතර ඉන් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු වන්නේ 10%කටත් වඩා අඩු ප්‍රමාණයක් බව ගණනය කර ඇත. තවද ඇස්තමේන්තුගත පරිදි වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 19-23 අතර ප්‍රමාණයක් ජලප්‍රවාහ හරහා සාගරවල තැන්පත්වීම සිදුවන බව සොයාගෙන තිබේ.

එසේම මෙහි බරපතල තත්වයක් වන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස කුඩා ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් පරිසරයට ඇතුලුවීමයි. විෂ්කම්භය මිලිමිටර් 5 දක්වා කුඩා ප්ලාස්ටික් අංශු ආහාර, ජලය සහ වාතය තුළට ඇතුළු වී ආහාරදාම  හරහා මානව සෞඛ්‍යට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලයේ පාරිසරික විගණන අංශයේ 2020 වාර්තාවට අනුව 2016 - 2018 දක්වා ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය ලෙස මෙට්‍රික් ටොන් 289,218ක් වාර්ෂිකව ආනයනය කර ඇත. 2020 වසරෙහි ජනනය වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 938.42 කි. මින් නැවත එකතුකර ඇත්තේ මෙට්‍රික් ටොන් 300ක් පමණ වන අතර මෙට්‍රික් ටොන් 260ක්  විවෘත කසල ගොඩවල ද මෙට්‍රික් ටොන් 38ක් පමණ ප්‍රතිචක්‍රීකරණය සඳහා ද යොමු වේ. එකතු නොවන ප්ලාස්ටික් ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 638ක් වන අතර මෙයින් දිනකට මෙට්‍රික් ටොන් 8.45ක් පමණ ස්වභාවික ජලප්‍රභව තුළට බැහැර කරන බව සොයාගෙන ඇත.  

ප්ලාස්ටික් මඟින් පරිසරයට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ආකල්පමය වෙනසක් සිදුකිරීම පිළිබඳ තත්ත්වය තුළ සමාජයේ හැසිරීමේ රටාවේ පරිවර්තනයක් සිදු කිරීම අනිවාර්ය කරුණක් වන අතර ඒ සඳහා අද දින ලෝක බලවතුන්ගේ සුලබ අනුග්‍රහෙන් හා දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා ආයතනයේ (SACEP) PLEASE ව්‍යාපෘතිය මඟින් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද විෂය සමාජය දැනුවත් කිරීමේ සන්නිවේදන වැඩසටහන එළිදැක්වීම සිදු කෙරේ.

අද දින සිට මාස තුනක කාලයක් තුළ මෙම වැඩසටහන විවිධ මාධ්‍යයන් තුළින් දැක ගැනීමට හැකිවන අතර මෙමඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයන්හි පරිවර්තනයක් බලාපොරොත්තු වේ. මෙමඟින් ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආනයනයට වැයවන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට අවස්තාව සැලසෙන අතර සමාජයේ ප්ලාස්ටික් බැහැර කිරීමේ ක්‍රමයෙහි සිදුවන වෙනස් වීම මඟින් එකතු කිරීමේ වියදම අඩු කරගැනීම තුළින් රට තුළ ප්‍රතිචක්‍රීකරණය වැඩි දියුණු වීමත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ජනනය වීමත් පාරිසරික සෞන්දර්ය වැඩි දියුණු වීමත් මෙමගින් බලාපොරොත්තුවන් අනෙකුත් අතුරු ප්‍රථිපලයන් වේ.

දත්ත -    ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2021-2030

                ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලයේ පාරිසරික විගණන අංශයේ 2020 වාර්තාව

WhatsApp Image 2023 11 08 at 1.10.11 PM  2023.11.08 3  2023.11.08 22023.11.08 1 2023.11.08 102023.11.08 122023.11.08 11 2023.11.052023.11.08 7   2023.11.08 9  2023.11.08 6