small gov

පස හා ජලය ජීවයේ  පදනමයි

sd 2023 2sd 2023 1 

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (United Nations Food and Agriculture Organization) මඟින් පාංශු සම්පත ආරක්ෂා කිරීම සහ තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සෑම වසරකම දෙසැම්බර් 05 වන දින ලෝක පාංශු දිනය සමරනු ලැබේ. මෙම  දිනය සැමරීම පිළිබඳව ජාත්‍යන්තර පාංශු විද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට  2013 පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමුළුවේදී අනුමැතිය ලබාදී ඇත. එමෙන්ම, මෙම දිනය සැමරීම  2013 දෙසැම්බර් මස පැවති 68 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී  අනුමත කර ඇත. 2014 වර්ෂයේ ප්‍රථම පාංශු දින සැමරුම් උළලේ සිට ගෝලීය පාංශු හවුල්කාරීත්වය (Global Soil Partnership) විසින් පාංශු විශේෂඥයින් සහ මේ පිළිබඳව ඇල්ම දක්වන පුද්ගලයන්ගේ එකමුතුවෙන් එතැන් සිට ගෙවීගිය සෑම වසරකම පාංශු සංරක්ෂණ කාර්යයන් සඳහා දායකත්වය ලබා දී ඇත. ඒ අනුව, සෑම වසරකම විවිධ තේමා ඔස්සේ  ලෝක පාංශු දිනය ලොව පුරා සමරනු ලබයි. 2023 වසරේ ලෝක පාංශු දින තේමාව වන්නේ “පස හා ජලය ජීවයේ පදනමයි  (Soil and water, a source of life) යන්නයි.

 

පරිසර අමාත්‍යාංශය විසින් 2023 ලෝක පාංශු දිනය සැමරීම සඳහා සිදු කරන ක්‍රියාකාරකම්

 

  1. ලෝක පාංශු දිනය පදනම් කරගෙන ශ්‍රී ලංකා පාංශු විද්‍යා සංගමය විසින් උතුරුමැද පළාතේ පාසල් සිසුන් කේන්ද්‍රගත කොට ගෙන පවත්වනු ලබන දැනුම මිනුම තරඟාවලිය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීම

පස සහ ජලය ආහාර නිෂ්පාදනය, පරිසර පද්ධති සහ මානව යහපැවැත්ම සඳහා පදනම සපයයි. ඔවුන්ගේ අමිල කාර්යභාරය හඳුනාගෙන, අනාගත පරම්පරාව සඳහා මෙම සම්පත් සුරක්ෂිත කිරීමට අපට ක්‍රියාශීලී පියවර ගත හැකිය.ඒ් වෙනුවෙන්,

මෙවර පාංශු දිනය සැමරීම පාදක කරගනිමින් ආහාර සුරක්ෂිතතාවයට පසෙහි දායකත්වය මෙන්ම පස ජීවය පවත්වා ගැනීමට දක්වන දායකත්වය පිළිබඳව පාසල් දුවාදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාංශු විද්‍යා සංගමය විසින් සැලසුම් කර ඇත. මෙම වැඩසටහනේ දී උතුරු මැද  පළාතට අයත් අනුරාධපුර  හා පොළොන්නරුව  යන දිස්ත්‍රික්කවල පාසල් සිසුදරු දැරියන්ට පසෙහි ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ දැනුම මිනුම තරඟාවලියක් පවත්වා ජයග්‍රාහී පාසල් තුනක් සඳහා ත්‍යාග පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත.

  1. උතූරුමැද පළාතේ පාසැල් දරුවන් කේන්ද්‍රකරගනිමින් කෙරෙන චිත්‍ර තරගය

 පාසැල් දරුවන් කේන්ද්‍රකරගෙන චිත්‍ර තරගයක් පවත්වා එහි ජයග්‍රහකයින් තෝරා ගැනිමද සිදු කරිමට නියමිතය.

මෙම වැඩසටහන්  සඳහා මුල්‍යමය අනුග්‍රහය සපයනු ලබන්නේ පරිසර අමාත්‍යාංශය හා දකුණු ආසියාතික සහයෝගීතා පාරිසරික වැඩසටහන (SACEP) යටතේ ක්‍රියාත්මක කරනු ලබන සුවදායී භූමි දර්ශන ව්‍යාපෘතිය (Healthy Landscape Project) මඟිනි.

ජිවයේ පදනමට  පසෙහි හා ජලයේ ඇති වැදගත්කම

අපේ පෘථිවියේ පැවැත්ම රඳා පවතින්නේ පස සහ ජලය අතර ඇති අගනා සම්බන්ධය මතය. අපගේ ආහාරවලින් 95 %කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම මූලික සම්පත් දෙකෙන් ආරම්භ වේ. ශාක මගින් පෝෂක අවශෝෂණයට අත්‍යවශ්‍ය වන පාංශු ජලය අපගේ පරිසර පද්ධති එකට බැඳ තබයි. මෙම සහජීවන සම්බන්ධතාවය අපගේ කෘෂිකාර්මික පද්ධතිවල පදනමයි.

කෙසේ වෙතත්, දේශගුණික විපර්යාස සහ මානව ක්රියාකාරකම් හමුවේ, අපගේ පස හායනය වෙමින් පවතී, අපගේ ජල සම්පත මත අධික පීඩනයක් ඇති කරයි. ඛාදනය ස්වභාවික සමතුලිතතාවය කඩාකප්පල් කරයි, ජලය කාන්දු වීම අඩු කරයි සහ සියලු ආකාරයේ ජීවීන් සඳහා ලබා ගත හැකිය.

පස ලෝකයේ අවදානමට ලක්විය හැකි සම්පත් වලින් එකක් බවට හඳුනාගෙන ඇත. මෙම පස මත පිහිටා තිබෙන වනාන්තර, ශාක හේතුවෙන් පස ආරක්ෂා වී පැවතුනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ශාක ඉවත් කිරීම,  බෝග වර්ග සිටුවීම හා බෝග වර්ගවලට පොහොර හා වෙනත් කෘෂි රසායන වර්ගයන් යෙදීම, ජල සම්පාදන කටයුතු වැනි මානව ක්‍රියාකාරම් පසේ පිරිහීමට හේතු සාධකයන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ගෝලිය වශයෙන් ද කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන ඉඩම්වල පසේ සිදුවන පාංශු ඛාදනය, පසේ සාරවත්භාවය ක්ෂය වී යාම, ආම්ලීකරණය හා ලවණිතාවය නිසාවෙන් පස පිහිරී යාම සිදුවී ඇති ආකාරය දැකිය හැකිය. සමස්ථයක් වශයෙන් ගත් කල්හි ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වලින් 50% ක් පමණ පාංශු ඛාදනය සිදුවන අතර එය ප්‍රධානතම පාංශු හායන ක්‍රියාවලියයි.

පස විශාලතම භූමියේ පවතින කාබන් තටාකයක් ලෙස සලකනු ලබන අතර ගතික ජෛව රසායනික ක්‍රියාවලීන් නියාමනය කිරීම හා වායුගෝලය සමඟ හරිතාගාර වායු හුවමාරු කිරීම මඟින් ගෝලීය කාබන් තුලිත කිරීමෙහි ලා සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරනු ලබයි. පසෙහි ඉහලම මීටර් එකක කොටසක කාබන් ටොන් බිලියන 1460 ක් පමන අන්තර්ගත බව ඇස්තමේන්තු කර ඇති අතර එය වායුගෝලයේ හා වෘක්ෂලතාවල ගබඩා කර ඇති කාබන් ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රතිශතයකි.

පස තිරසාර ලෙස කළමනාකරණය කිරීමට නම් ගෝලීය පස නැවත කාබන්කරණය කිරීම සිදුකල යුතුය. ඒසේ නොමැති වුවහොත් දේශගුණ විපර්යාසයන් හි වේගවත් බව ලෝකයා වෙත නුදුරේදීම දැකිය හැකි සංසිද්ධියකි. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන් හට විද්‍යාත්මක මෙන්ම දේශීය දැනුම ලබා දීම තුලින් රටකට ගැලපෙන තිරසාර පාංශු කලමනාකරණ ක්‍රමවේදයකට අනුගත කිරීම තුලින් පසෙහි සමතුලිතතාවය ආරක්ෂා වනු ඇත. 

අවම වගාව, භෝග භ්‍රමණය, කාබනික ද්‍රව්‍ය එකතු කිරීම සහ ආවරණ බෝග වගාව වැනි තිරසාර පාංශු කළමනාකරණ පිළිවෙත්, පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ඛාදනය හා දූෂණය අවම කිරීම සහ ජලය කාන්දු වීම සහ ගබඩා කිරීම වැඩි දියුණු කිරීම. මෙම පිළිවෙත් මගින් පාංශු ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, සාරවත් බව වැඩි දියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් කාබන් වෙන් කිරීමට දායක වේ

වර්තමානයේදී, ගෝලීය වශයෙන් ද පාංශු ඛාදනය, පස දූෂ්‍ය වීම, ලවණිකරණය වැනි පාංශු හායනයවීමේ  අභියෝගය රැසකට  මුහුණ දෙමින් පවතී. මේ හේතුවෙන් පරිසර පද්ධති වල පැවැත්මට  මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත. මෙම බලපෑම්  අවම කර  කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායිතාවය ඉහල නැංවීම , නායයාම්, ගංවතුර වැනි ස්වාභාවික විපත් අවම කර ගැනීම , ජල විදුලි බලාගාරවල ජලාශ හා අනෙකුත් අභ්‍යන්තර ජලාශ ගොඩවීම අවම කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පාංශු සං‍රක්ෂණ කටයුතු පෙරටත් වඩා යහපත් අන්දමින් කල යුතුව ඇත.  

ලෝක පාංශු දිනය 2023 (WSD) සහ එහි ව්‍යාපාරයේ අරමුණ වන්නේ තිරසාර සහ ඔරොත්තු දෙන කෘෂි ආහාර පද්ධති සාක්ෂාත් කර ගැනීමේදී පස සහ ජලය අතර ඇති වැදගත්කම සහ සම්බන්ධය පිළිබඳ දැනුවත් කිරීම ය. WSD යනු පස සැමරීම පමණක් නොව පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ලොව පුරා සිටින පුරවැසියන් සවිබල ගැන්වීම සහ සම්බන්ධ කරවන අද්විතීය ගෝලීය වේදිකාවකි.

                                    sd 2023 4sd 2023 3