රජයේ පාරිසරික ප්‍රමුඛතාවලට සවන් දීමට සහ විශේෂයෙන් ප්‍රජාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත සහ උනන්දුව පිළිබඳව මෙහි දී අසුසා මහත්මිය දැනුම් දුන් අතර පරිසර අමාත්‍යාංශය සමග ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත සහ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද පැහැදිලි කළා ය. නව්‍ය මූල්‍යකරණය සඳහා නව මූල්‍ය උපකරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් පරිසර අමාත්‍යාංශයට සහ රටෙහි සංවර්ධනය වෙනුවෙන් දක්වන සහයෝගය පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇගයීමට ලක් කළ අතර රටේ තිරසාර සංවර්ධනය සඳහා වඩාත් සහයෝගයෙන් කටයුතු කරන ලෙස ආරාධනා කරන ලදී.




