small gov

අප සමාගම 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්‍ට්‍රාර්වරයා විසින් 2001 සැප්තැම්බර් 12 වැනි දින මුළුමණින්ම රජයට අයත් සීමිත වගකීම් සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබ ඇති භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පරිපාලිත සමාගමකි. සමාගමේ අනෙකුත් කොටස් හිමියන් වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ලංකා ෆොස්ෆේට් සමාගමයි.

ඛනිජ සම්පත් ඇගයීම සඳහා ඉංජිනේරු භූ විද්‍යා ව්‍යාපෘති සිදුකිරීම පිණිස විශ්ලේෂණාත්මක විද්‍යාගාර ඇතුලුව තාක්ෂණික දැනුම, මිනිස්බල සම්පත් සහ උපකරණ සහිත ශ්‍රී ලංකාවේ ඇති එකම පුද්ගලික සමාගම වනුයේ GSMB තාක්ෂණික සේවා (පුද්ගලික) සමාගමයි. සමාගමේ මෙහෙවර වනුයේ ඛනිජ තාක්ෂණවේදයේ වඩා උසස් කාර්යසාධනයක් සහ ශ්‍රී ලංකාවේ ඛනිජ සංවර්ධනය සහ පාරිසරික කළමනාකරණය සඳහා වාණිජකරණය කරන ලද උපස්ථ පහසුකම් සැපයීමයි.

අපගේ දැක්ම

කර්මාන්තයේ පාරිසරික සහ සමාජීය වගකිම් සහිත භාවිතයන් සහතික කරමින් කලාපීයව ජාතික වටිනාකම් නිර්මාණය කිරීම ඉලක්ක කර ගත් ශ්‍රී ලංකාවේ වාණිජ පතල් කර්මාන්තයේ සහ ඛනිජ වෙළඳපොළේ ප්‍රමුඛයා වීම.

අපගේ මෙහෙවර

ප්‍රාදේශීයව මෙන්ම කලාපීයව ධාරිතා ගොඩනැංවීම මගින් ගුණාත්මකබව සහ ඵලදායීතාව ඉහළ නැංවීම මගින් ජාතික වටිනාකම උපරිම කරමින් පතල් කැණිමේ සහ සහ වෙළඳාමේ සමාජීය පිරිවැය අවම කරමින් සහ සඵලව කළමනාකරණය කරමින් ශ්‍රි ලංකා රජයේ අභිප්‍රේත පතල් කර්මාන්ත හවුල්කරු වීම.

ඇමතුම් විස්තර

  •  GSMB තාක්ෂණික සේවා (පුද්ගලික) සමාගම,
    අංක 190/A, රත්නවීර ගොඩනැගිල්ල,
    ස්ටැන්ලි තිලකරත්න මාවත,
    නුගේගොඩ
  • www.gsmbts.gov.lk