small gov

ශ‍්‍රී ලංකා දේශගුණ අරමුදල 2008 අපේ‍්‍රල් 09 වන දින සමාගම් අංක පී වී 63781 යටතේ 2007 අංක 07 දරන සමාගම් පනතින් පිහිටුවන ලද රජය සතු සමාගමකි. පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති අප ආයතනය මගින් රාජ්‍ය හා පෞද්ගලික යන අංශයන් සඳහා තිරසාර පාරිසරිකත්ව ව්‍යාපෘතීන් රැසක් ක‍්‍රියාත්මක කරයි. අප ආයතනය ආරම්භයේ දී ශ‍්‍රී ලංකා කාබන් අරමුදල (ප‍්‍රයිවට්) ලිමිටඞ් යනුවෙන් ආරම්භ වුවද, අප විසින් විවිධ පාරිසරික ව්‍යාපෘතීන් සිදුකරනු ලබන නිසාත් එය පුළුල් කරගැනීමට 2016 ජනවාරි 29 වන දින සිට ශ‍්‍රී ලංකා දේශගුණ අරමුදල ලෙස අප සමාගම් නාමය වෙනස් කරන ලදී.

දැක්ම

කාබන් උදාසීන හා දේශගුණික ප‍්‍රත්‍යස්ථිතික නීලහරිත ආර්ථිකය

මෙහෙවර

කාබන් අවම හා දේශගුණික ප‍්‍රත්‍යස්ථිතික නීලහරිත සංවර්ධනයක් සඳහා ශ‍්‍රි ලාංකිකයන්ට සහායවීම.

අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලය අතුරින් සභාපතිවරයා පරිසර විෂයභාර අමාත්‍යවරයා විසින් පත්කරනු ලබයි

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපති (ලේකම්, පරිසර අමාත්‍යාංශය)
ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා අධ්‍යක්ෂ (ක්ෂේත‍්‍ර විශේෂඥ)
සිරිපාල අමරසිංහ මහතා අධ්‍යක්ෂ (සභාපති, මධ්‍යම පරිසර අධිකාරිය)
වී. ඉරේෂා දිල්හානි මහත්මිය අධ්‍යක්ෂ (අධ්‍යක්ෂ, කළමණාකරන විගණන අංශය, මුදල් අමාත්‍යාංශය)

නිෂ්පාදන හා සේවා

ශ‍්‍රී ලංකා දේශගුණ අරමුදල විසින් තිරසාර පරිසරයක් උදෙසාවූ ව්‍යාපෘතීන් හා උපදේශන සේවාවන් ක‍්‍රියාත්මක කරයි.

විමසීම් විස්තර

  • ශ‍්‍රී ලංකා දේශගුණ අරමුදල පුද්ගලික සමාගම,
    “සම්පත්පාය”,
    නො: 82, රජමල්වත්ත පාර,
    බත්තරමුල්ල.
  • +94 112 053 065
  • +94 112 867 424
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • www.climatefund.lk