වත්මන් ශ්‍රී ලාංකිකයන් වන අප එළඹ ඇත්තේ දැවන්ත සමාජ පරිවර්තන යුගයකටයි.නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟාගැනීම අපගේ තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යයක්වී ඇත. රටෙහි ඇති ස්වභාවික සම්පත් නිසි පරිදි භාවිතයට ගැනීම හා සංරක්ෂණය කෙරෙහි වගවීම අප සතු සුවිසල් කාර්යභාරයයි.රාජ්‍ය අංශය,පුද්ගලික අංශය,රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියළු පාර්ශව සමග එක්වී කටයුතු කරමින් සංවර්ධන මෙන්ම සංරක්ෂණ ප්‍රතිපත්තිමය තීන්දු තීරණගැනීම අපගේ වගකීමයි.
ආර්ථිකය චක්‍රීය ආර්ථිකයක් බවට පත්වීමට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති මත පදනම්වූ කලාපයක් බවට පත්කිරීමටත් ,ඉදිකිරීම් කර්මාන්තය හරිත මූලධර්ම මත පදනම් කරගනිමින් යතාර්ථවාදී ක්‍රමික ගමනක යෙදීමටත් රේඛීය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන ධනාත්මක ප්‍රවේශයකින් කටයුතු කිරීමටත් ඉදිරියේදී අපේක්ෂා කරමි.
‘’මිනිසා පොළවේ භාරකරු මිස අයිතිකරු නොවේ’’ යන මතය සනාථ කරමින් සමස්ත ස්වභාවධර්මය සමග සහජීවන ප්‍රවේශයේ සිට සමස්ත පරිසර පද්ධතින්හි තුලනය සුරක්ෂිතකරන ප්‍රවේශයකට විතැන්වීමේ අපේක්ෂාවෙන් පරිසර හිතකාමී ක්‍රමවේදයන් ඔස්සේ පරිසර විෂය ඉලක්ක ලඟාකර ගැනීම කෙරෙහි ද ප්‍රමුඛතාව දක්වමි.
සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි ස්වභාවික සම්පත් භාවිතය,තිරසර කළමනාකරණයේදී සහභාගීත්ව ප්‍රවේශ ක්‍රමවේදය අනුගමනය කිරීම,දේශගුණික විපර්යාසවලින් ඇතිවන පීඩාවන් අවම කිරීම,දැනුම,කුසලතා,ආකල්ප හා මනෝභාවයන් මඟින් ගොඩනැගෙන නීරෝගී ජන සමාජයක් සහ තුළිත පරිසරයක් යන සංකල්ප මල්ඵල ගැන්වීමෙන් තිරසර ජෛව ලෝකයක් අනාගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ලගාකරදීම උදෙසා පරිසර අමාත්‍යාංශය මෙහෙයවීමට බලාපොරොත්තු වෙමි.
ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ස්වභාවික සම්පත් සහ පරිසරය කළමනාකරණය කිරීම යුගයේ අවශ්‍යතාවයක් වේ. එබැවින් පරිසරය අනාගතය උදෙසා තිරසාර ලෙස සැලසුම් කිරීමේ ඒකාබද්ධ ප‍්‍රවේශය තහවුරු කිරීම අප සතු ප්‍රමුඛතම කර්යයක් ලෙස අපි හඳුනාගෙන සිටිමු.
ප්‍රජා සහභාගිත්ව තිරසර සංකල්පයන් ප්‍රවර්ධනය කිරීම, පාරිසරික අධ්‍යාපන මෙන්ම ආකල්පමය වෙනසක් තුලින් තිරසාර අරමුණු සාක්ෂාත් කර ගැනීම අපගේ අපේක්ෂාව වේ. කෙටිකාලීන සහ දිගු කාලීන සැලසුම් සහ ප්‍රවේශයන් සහතික කිරීම නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතර ජාතික පරිසර ප්‍රතිපත්තිය තුළින් එය තවදුරටත් අවධාරණය කර ඇත.
ආර්ථික සංවර්ධන සහ පරිසරය අතර සමතුලිතාව රැකගනිමින් ස්වාභාවික සම්පත් සහ පරිසරය කළමනාකරණය කිරීමේදී හා සැලසුම් කිරීමේ දී ඒකාබද්ධ කරගත් ප්‍රවේශයක් අවශ්‍ය වේ. සැලසුම් කිරීමේ දී රාජ්‍ය යාන්ත්‍රණය, සිවිල් සංවිධාන සහ ප්‍රජාව වර්තමානයේ මුහුණ පා ඇති දේශීය සහ ගෝලීය පාරිසරික අභියෝගයන් ජය ගැනීමට මෙම සාමුහික ප්‍රයත්නය මගින් හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාසය කරමු.
සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසර දැක්මක් තුළ දැනුම,කුසලතා ආකල්ප හා මනෝභාවය මගින් ගොඩනැගෙන සුවපත් ජන සමාජයක් සහ තුළිත පරිසරයක් ස්ථාපිත වනු දැකීම අපගේ අපේක්ෂාවයි.
කේ. ආර්. උඩුවාවල මහතාලේකම්
|
|
| වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය | |
|
|
එච්.එම්.බී.පී. හේරත් මහතා
අතිරේක ලේකම් (පාලන)
|
ආර්.එච්.එම්.පී. අබේකෝන් මියඅතිරේක ලේකම් (පරිසර, ප්‍රතිපත්ති හා සැලසුම්) |
සමන්ති රණසිංහ මිය
අතිරේක ලේකම් (සංවර්ධන)
|
ආර්.ඩී.එස්. ජයතුංග මහතා
අතිරේක ලේකම් (පරිසර සංවර්ධන)
|
වයි.ඩී.එස්.එස්. මල්සිංහ මිය
අතිරේක ලේකම් (ව්‍යාපෘති සහ තාක්ෂණ)
|
ඩබ්. ජී. කුමාරගම මියඅතිරේක ලේකම් (පරිසර ව්‍යාපෘති හා අධ්‍යාපන පුහුණු) |
චාන්දනී විජයවර්ධන මිය
අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන)
|
චාන්දනී විජයවර්ධන මියඅධ්යක්ෂ ජනරාල් (සැලසුම්) |
යූ.පී.එල්.ඩී. පතිරණ මියඅධ්යක්ෂ ජනරාල් (විමර්ශන)
|
සුනෙත්‍රා පතිරත්න මියප්රධාන මූල්‍ය නිලධාරී |
|