small gov
‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ රජයේ ප්රතිපත්ති රාමුවට අනුව “තිරසර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක්” සංකල්පය යථාර්ථයක් කිරීම වෙනුවෙන් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2026 මැයි 19 වන දින කුරුණෑගලදී සාර්ථකව පැවැත්විණි. ගරු පරිසර නියෝජ්ය අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුව පරිසර අමාත්යාංශය, රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය, වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ මධ්යම පරිසර අධිකාරිය එක්ව සංවිධානය කර තිබුණි. මෙහි පළමු අදියර 2025 නොවැම්බර් 04 වන දින බස්නාහිර පළාත කේන්ද්ර කරගනිමින් පවත්වනු ලැබීය.
 
වත්මන් පාරිසරික අර්බුද, පරිසර ප්රතිපත්ති සහ නීති පිළිබඳව වයඹ පළාත් පාලන නියෝජිතයින් පුළුල් ලෙස දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර, ඉදිරියේදී ප්රාදේශීය මට්ටමින් තිරසාර පාරිසරික කළමනාකරණ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට අවශ්ය මඟපෙන්වීම් ද ලබා දෙන ලදී. උද්ගතව ඇති පාරිසරික ගැටලුවලට ප්රායෝගික විසඳුම් සෙවීම සහ දේශීය මට්ටමින් නිලධාරීන් සක්රීයව දායක කරගැනීම මෙම සමස්ත ජාතික වැඩසටහනේ මූලික අරමුණයි.
 
 705949065 1390925049730160 1253683528797650434 n705154724 1390925353063463 3234203839540184682 n706089334 1390925246396807 5320085091995230309 n706088925 1390925136396818 9103333070363616224 n707005339 1390925213063477 7951899661963367110 n704992522 1390925043063494 7370336823095890623 n706017825 1390925319730133 6827684777116928573 n705061528 1390925046396827 3046805685795018373 n