small gov

පරිසර අමාත්යංශයේ “වනස්පති” ජාතික වැඩසටහන ඔස්සේ හදුන්වාදුන් “වනසුරැකුම, ඒකාබද්ධ මෙහෙයුම් විමර්ශන මධ්යස්ථානයේ 1995 කෙටි දුරකතන අංකය ක්රියාත්මක කර මේ වන විට මාස දෙකක් ගත වී ඇති අතර වනජීවී සහ වනාන්තර අපරාධ සම්බන්ධ පැමිණිලි 189ක් ලැබී තිබේ. එම පැමිණිලිවලින්, පැමිණිලි 94ක් සම්බන්ධයෙන් මේ වන විට කඩිනම් විමර්ශන සිදු වෙමින් පවතින අතර පැමිණිලි 95ක් සඳහා නීතිමය ක්රියාමාර්ග ගෙන අවසන් වී ඇත.

වන හානි, වන ජිවීන්ට සිදු කරනු ලැබූ විවිධ නීතිවිරෝධ ක්රියාවන්, කඩොලාන තෙත්බිම් ගොඩකිරීම් සහ වන රක්ෂිත ප්රදේශයන් හෙළිපෙහෙලි කිරීම් සහ වනාන්තරවල සිදු කෙරෙන අපරාධ ඇතුළු සිද්ධීන් රැසකට අදාළව මහජන පැමිණිලි 1995 කෙටි දුරකතන අංකයට ලැබී තිබූ අතර වැඩිම පැමිණිලි සංඛ්යාවක් මොණරාගල සහ අනුරාධපුර දිස්ත්රික්ක කේන්ද්ර කරගෙන වාර්තා වී තිබේ.

ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි වනසතුන්ට සහ රක්ෂිත වනාන්තරයන්ට සිදුවන හානි සැළකිල්ලට ගෙන ආරක්ෂක අමාත්යංශය සහ පරිසර අමාත්යංශය, වනජිවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඒකාබද්ධව කඩිනමින් ප්රතිචාර දැක්විය හැකි මෙම විශේෂ මෙහෙයුම් ඒකකය වනජිවී අංශයේ දී 2025.11.03 වන දින ගරු පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ සහ ගරු පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති වනජීවී සහ වනාන්තර සම්බන්ධ අපරාධ පිළිබඳ මේ වන විට ගෙන ඇති ක්රියාමාර්ග සම්බන්ධයෙන් ප්රගතිය සමාලෝචනයක් 2026.01.20 දින පරිසර අමාත්යංශයේ දී පැවැත්වූ අතර එම සාකච්ඡාව සඳහා වන සංරක්ෂක ජනරාල්තුමා ඇතුළු වනසංරක්ෂණ සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල නිළධාරීන් මෙන් ම මෙම විමර්ශන ක්රියාවලියේ යෙදී සිටින ත්රිවිධ හමුදා, විශේෂ කාර්ය බලකා නිළධාරීන් ඇතුළු පරිසර අමාත්යංශයේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

වනජීවී සහ වනාන්තරවලට සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි සිදු කිරීමේ හැකියාව පවතින අතර පැය 24 පුරාම ක්රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් මෙම මෙහෙයුම් ඒකකය සක්රීය ලෙස ක්රියාත්මක වනු ඇත.

 

 HL 1995     unnamed   0701180100

 

 
WhatsApp Image 2026 01 21 at 14.30.44