small gov

soil day 2022

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (United Nations Food and Agriculture Organization) මඟින් පාංශු සම්පත ආරක්ෂා කිරීම සහ තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සෑම වසරකම දෙසැම්බර් 05 වන දින ලෝක පාංශු දිනය සමරනු ලැබේ. මෙම  දිනය සැමරීම පිළිබඳව ජාත්‍යන්තර පාංශු විද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට  2013 පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමුළුවේදී අනුමැතිය ලබාදී ඇත. එමෙන්ම, මෙම දිනය සැමරීම  2013 දෙසැම්බර් මස පැවති 68 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී  අනුමත කර ඇත. 2014 වර්ෂයේ ප්‍රථම පාංශු දින සැමරුම් උළලේ සිට ගෝලීය පාංශු හවුල්කාරීත්වය (Global Soil Partnership) විසින් පාංශු විශේෂඥයින් සහ මේ පිළිබඳව ඇල්ම දක්වන පුද්ගලයන්ගේ එකමුතුවෙන් එතැන් සිට ගෙවීගිය සෑම වසරකම පාංශු සංරක්ෂණ කාර්යයන් සඳහා දායකත්වය ලබා දී ඇත. ඒ අනුව, සෑම වසරකම විවිධ තේමා ඔස්සේ  ලෝක පාංශු දිනය ලොව පුරා සමරනු ලබයි. 2022 වසරේ ලෝක පාංශු දින තේමාව වන්නේ “ආහාර උපදින්නේ පසෙනි ” (Soils: Where food begins) යන්නයි.

වැඩි දුර කියවන්න