small gov

කොළඹ, 2026 සැප්තැම්බර් 01 — ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු මැතිව් ඩක්වර්ත් මහතා, 2026 සැප්තැම්බර් 01 දින පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

එළඹෙන COP31 සමුළුව සඳහා වන සූදානම් කටයුතු පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූ අතර, COP සාකච්ඡා සඳහා සභාපතිත්වය දරන ඕස්ට්‍රේලියාවේ කාර්යභාරය සහ පැසිෆික් දූපත් රාජ්‍යයන් සමඟ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු විය. COP31 සඳහා ඉන්දියානු සාගර හා පැසිෆික් කලාපීය රටවල අදහස් හා ප්‍රමුඛතා වඩාත් ශක්තිමත්ව නියෝජනය කිරීමේ අරමුණින් පැසිෆික් දූපත් රාජ්‍යයන් සමඟ පූර්ව-COP සාකච්ඡාවක් සංවිධානය කිරීමට ඕස්ට්‍රේලියාව අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

COP31 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා ලෙස දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම , ප්‍රමාණවත් හා ප්‍රවේශ විය හැකි දේශගුණික මූල්‍ය පහසුකම්, හානි හා පාඩු සඳහා විසඳුම්, සහ සාධාරණ පරිවර්තනයක් සහතික කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය අවධාරණය කළේය. COP31 හි ප්‍රතිඵල ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යකරණය හා වගවීමේ යාන්ත්‍රණයන්හි වැදගත්කම පිළිබඳවද අදහස් හුවමාරු විය.

ඉදිරි COP සූදානම් කිරීමේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගන්නා ලදී. යෝජිත පූර්ව-COP සාකච්ඡාව සහ අනෙකුත් අදාළ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඉදිරි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට එකඟ විය.

COP31 සමුළුවට පෙර දේශගුණික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අඛණ්ඩ සහයෝගීතාව සහ සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම සිය කැපවීම යළි තහවුරු කළහ.

1.jpeg4.jpeg5.jpeg copy7.jpeg copy8.jpeg copy10.jpeg copy11.jpeg copy12.jpeg copy14.jpeg copy15.jpeg copy