small gov

අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ මූලික කාර්යයන් දෙකකි. ඒවා නම් මූල්‍ය හා ගෙවීම් කටයුතු ද ප්‍රසම්පාදන හා ගබඩා කළමනාකරණ කටයුතු ද යන කාර්යයන් වලින් සමන්විත වේ. වාර්ෂික අයවැය සහ අවසාන ගිණුම් සකස් කිරීම, අග්‍රිම අවශ්‍යතා සපුරාලීම සහ මහා භාණ්ඩගාරය සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීමත් අමාත්‍යාංශයේ සහ එහි විෂය පථයට අයත් අනෙකුත් සියලු ආයතනවල ගෙවීම් සම්බන්ධ කටයුතු හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් යන කටයුතු අයත් වේ. ප්‍රසම්පාදන සහ ගබඩා කළමනාකරණ කාර්යය සම්බන්ධයෙන් ගත් කල, ඊට සියළුම ප්‍රසම්පාදන කටයුතු හා එවැනි ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමත් අමාත්‍යාංශයට අවශ්‍ය කාර්යාලයීය උපකරණ, ලිපි ද්‍රව්‍ය සහ වෙනත් පරිභෝජන ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම අයත් ‌වේ. ඊට අමතරව පහත සඳහන් ක්‍රියාකාරකම් ගිණුම් අංශය මඟින් සිදු කරනු ලැබේ

මූල්‍ය අංශයේ කාර්යයන්

  • මුදල් කළමනාකරණය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම.
  • ආදායම්, වියදම්, අත්තිකාරම් ගිණුම් සහ පරිපූරක ඇස්තමේන්තු නිසි කලට වේලාවට මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම.
  • නිල බැංකු ගිණුම් පවත්වාගෙන යාම සහ අධීක්ෂණය කිරීම.
  • මූල්‍ය ගනුදෙනු නිසි ලෙස වාර්ථා කිරීම සහ සහතික කිරීම.
  • අදාළ අධිකාරීන් නියම කර ඇති පරිදි අවශ්‍ය වාර්ථා මාසිකව, කාර්තු වශයෙන් හා වරින් වර ඉදිරිපත් කිරීම.
  • මූල්‍ය රෙගුලාසි, ප්‍රසම්පාදන මාර්ගෝපදේශණ සහ වෙනත් අදාළ උපදෙස් අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් කිරීම සහතික කිරීම.
  • ගබඩා කළමනාකරණය, ඉන්වෙන්ට්‍රි නඩත්තු කිරීම සහ වෙනත් වත්කම් කළමනාකරණය කිරීම සඳහා නිසි ක්‍රියාදාමයන් සහ පද්ධති ඇති කිරීම හා පවත්වා ගෙන යාම.
  • ගිවිසුම් හා වෙනත් අදාළ උපදෙස් අනුව විදේශ ආධාර ලැබීම් සහ බෙදා හැරීම නිසි ලෙස ගිණුම් ගත කිරිම සහතික කිරීම.
  • අදාළ ගිණුම්, මාසිකව හා වරින් වර භාණ්ඩාගාරයේ හා වෙනත් ආයතන වල අනුරූප ගිණුම් සමඟ සැසඳීම.
  • මූල්‍ය රෙගුලාසි සහ වෙනත් අදාළ උපදෙස් අනුව වාර්ෂික ගිණුම්, ආදායම් ගිණුම්, අත්තිකාරම් ගිණුම් සහ තැන්පතු ගිණුම් ඉදිරිපත් කිරීම.
  • විගණන විමසුම්, කෝප් සහ කෝපා වාර්ථා සම්බන්ධයෙන් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.

අපේ කණ්ඩායම

Himaliඩී.ඒ. හිමාලි එල්. සෙනවිරත්න මිය
ප්‍රධාන ගණකාධිකාරී

Dilrukshiකේ.එච්.එන්.ජී. දිල්රුක්ෂි මිය
ගණකාධිකාරී (ගෙවීම්)

ජේ.එම්.පී.ආර්. ජයසේකර මහතා
ගණකාධිකාරී (සැපයුම්)