small gov

විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව බහුපාර්ශ්වික පාරිසරික ගිවිසුම්, ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන, පර්යේෂණ ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ විදේශීය නියෝජිතයින් සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම සහ ගෝලීය වශයෙන් පරිසරය ආරක්ෂා කිරීමට පහසුකම් සැපයීම

ප්‍රධාන කාර්යයන්

  • අප අමාත්‍යාංශය ජාතික කේන්ද්‍රීය ස්ථානය ලෙස නම් කර ඇති සම්මුති, සන්ධාන, ප්‍රකාශන, සහයෝගිතා වැඩසටහන් සමඟ සම්බන්ධීකරණය වෙමින්පරිසර සංරක්ෂණයට අදාල කටයුතු ඵලදායිව ඉටු කිරීමට දායක වීම.
  • එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන [United Nations Environment Programme (UNEP)], ගෝලීය පාරිසරික පහසුකම [Global Environment Facility (GEF)], දකුණු ආසියානු කලාපීය පරිසර සහයෝගීතා වැඩසටහන [South Asia Co-Operative Environment Programme (SACEP)], ගෝලීය විපර්යාස පිළිබඳව ආසියා ශාන්තිකර ජාලය [Asia Pacific Network for Global Change Research (APN)], අන්තර්ජාතික නයිට්‍රජන් කළමනාකරණ පද්ධතිය[International Nitrogen Management System (INMS)] සමඟඵලදායීව සම්බන්ධීකරණය හා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙහෙයුම් කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.
  • අමාත්‍යාංශය ජාතික කේන්ද්‍රීය ස්ථානය ලෙස ක්‍රියාත්මක වන අන්තර්ජාතික පාරිසරික සම්මුති, සන්ධාන, ප්‍රකාශන හා සහයෝගීතා වැඩසටහන් හා අන්තර්ජාතික ආයතන සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්ෂික දායකත්ව මුදල් හා සත්කාරක මුදල්ප්‍රමාදයකින් තොරව ගෙවීමට අදාල කටයුතු.
  • දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා වැඩසටහනේ [South Asia Co-Operative Environment Programme (SACEP)] සත්කාරක රට ලෙස පහසුකම් සැලසීමට අදාල කටයුතු, එහි උපදේශන කමිටු සැසිවාරයන්ට සහභාගී වීම හා ඒ මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සම්බන්ධිකරණය.
  • පරිසර ක්ෂේත්‍රයට අදාල ව්‍යාපෘති සඳහා ගෝලීය පාරිසරික පහසුකම [Global Environment Facility (GEF)], හරිත දේශගුණික අරමුදල [Green Climate Fund (GCF)], ගෝලීය හරිත වර්ධන ආයතනය [Global Green Growth Institute (GGGI)], කෘෂි වන වගා පර්යේෂණ පිලිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය [International Centre for Research in Agroforestry (ICRAF)] වැනි ආයතනවලින් උපරිම ප්‍රදානයන්, දායකත්වයන් ලබා ගැනීම පිළිබඳව මැදිහත් වීම.
    ගෝලීය පාරිසරික පහසුකම [Global Environment Facility (GEF)] මඟින් ශ්‍රී ලංකා රජය වෙත ලබාදෙන ප්‍රදානයන් සම්බන්ධ සියළු ව්‍යාපෘති යෝජනා පිලිබඳ ඇගයීම් කර ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය පසු
  • විපරම් කිරීම, එම ව්‍යාපෘති වලටඅදාල ජාතික මෙහෙයුම් කමිටු රැස්වීම් සඳහා අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගී වීමහා ව්‍යාපෘති ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම.
  • ගෝලීය පාරිසරික පහසුකමේ [Global Environment Facility (GEF)] සුළු මුල්‍යාධාර වැඩසටහන (Small Grant Programme) යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙහෙය වීම හා අධීක්ෂණය.
  • එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි [United Nations Environment Programme (UNEP)] සාමාජික රටවල් විසින් ඉදිරිපත් කරනු ලබන පරිසර ක්ෂේත්‍රයට අදාල බහු පාර්ශවික ප්‍රකාශන හා යෝජනා වල සඳහන් කරුණු සම්බන්ධව
  • මෙරට අදාල පාර්ශවික ආයතන සමඟ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙන්ම ඒවාට අනුව ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම.
    පරිසර ක්ෂේත්‍රයට අදාලව ශ්‍රී ලංකාව විසින් අත්සන් කරනු ලබන ද්වි/බහු පාර්ශවික ගිවිසුම්/එකඟතා අධ්‍යයනය කර ඊටඅදාල යෝජනා හා නිරීක්ෂණ ලබා දීම මෙන්ම නීතිපතිවරයාගේ මත විමසීම් ලබාගෙන අදාල ගිවිසුම් වලට එළැඹෙන තෙක් අවශ්‍ය කටයුතු ඉටු කිරීම.

අංශයට අදාළ චක්‍රලේඛ

අපේ කණ්ඩායම

kulaniකුලානි එච්.ඩබ්. කරුණාරත්න මිය
අධ්‍යක්ෂ

b dummy
සංජය කාරියවසම් මහතා
නියෝජ්‍ය අධ්‍යක්ෂ
 
 
 
 

අන්තර් ජාතික සබඳතා අංශය