“සොබා චලන සිතුවම්” කෙටි චිත්‍රපට තරඟාවලිය 2025
තේමාව - පරිසරය පිළිබඳව ඕනෑම තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
තරඟ කොන්දේසි
- කාලය - උපරිම විනාඩි 05කි.
- තරඟ අංශ - ප්‍රබන්ධ සහ වාර්තාමය හා සජීවීකරණ.
- තරඟ කාණ්ඩ - විවෘත හා පාසැල්
මාධ්‍ය - සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණ ඉදිරිපත් කල හැකි අතර සිංහල, දෙමළ යන භාෂාවෙන් සිදු කරන නිර්මාණ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසි යෙදිය යුතුය. (දෙබස් රහිත නම් මෙම කොන්දේසිය අදාළ නොවේ.)
තාක්ෂණික පිරිවිතර
- රූගත කිරීම සඳහා සුදුසු ඕනෑම මෙවලමක් භාවිතා කළ හැකිය. (උදා: ජංගම දුරකතනයක් මඟින් රූගත කළ නිර්මාණයක් වුවද ඉදිරිපත් කළ හැකිය.)
- එසේ වුවද අවසන් නිෂ්පාදනය පුළුල් තිරයකට ප්‍රක්ෂේපණය කිරීමට සුදුසු වන උසස් තීව්‍රතාවයකින් (High Resolution) යුක්ත විය යුතුය.
නිර්මාණ ඉදිරිපත් කිරීම
- එක් අයදුම්කරුවෙකුට නිර්මාණ එකකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකිය.
- එක් එක් නිර්මාණය වෙනුවෙන් වෙන් වූ දත්ත ගොනුවක් (Data file) ලෙස සංගත තැටියකින් (DVD) පිටපතක් ලබා දිය යුතුය.
- ඔබගේ නිර්මාණ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපැල් ලිපිනයට ද යොමු කළ හැකිය.
බුද්ධිමය දේපල සම්බන්ධ කොන්දේසි
- නිර්මාණයේ අන්තර්ගතය සම්බන්ධ සම්පූර්ණ වගකීම නිර්මාණකරු සතුවේ.
- නිර්මාණය සඳහා කර්තෘ හිමිකම්වලින් නිදහස් (Royalty free) හෝ විවෘත අධ්‍යාපනික සම්පත් (Open Educational Resources) වශයෙන් පවත්නා සංගීතය හෝ ශබ්ද යොදා ගන්නේ නම් චිත්‍රපටය අවසානයේදී එසේ ලබාගත් මූලාශ්‍රයන් සඳහන් කළ යුතුය.
අවසන් හිමිකම
මෙම තරඟයට ඉදිරිපත් කරන චිත්‍රපට සුදුසු අවස්ථාවන්හි ප්‍රදර්ශනය කිරීමේ සහ ප්‍රදර්ශනය සඳහා ආයතන වෙත ලබා දීමේ අයිතිය පරිසර අමාත්‍යාංශය සතු වේ.
වෙනත් කොන්දේසි
- නිර්මාණකරුවන් ඔවුන්ගේ සැබෑ නම යටතේ පමණක් චිත්‍රපට ඉදිරිපත් කළ යුතුය.
- නිර්මාණයේ අයිතිය මුල් හිමිකරු සතුවිය යුතු අතර, ප්‍රකාශන හිමිකම් කඩ කිරීම නිර්මාණ ප්‍රතික්ෂේප කිරීමට හේතුවකි.
- තරඟයේ විනිශ්චය කටයුතු අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරන අතර, විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
ත්‍යාග
(විවෘත)
- 1 වෙනි ස්ථානය - රු.50,000.00
- 2 වෙනි ස්ථානය - රු.40,000.00
- 3 වෙනි ස්ථානය - රු.30,000.00
- කුසලතා සම්මාන 05 - රු.10,000.00
(පාසැල්)
- 1 වෙනි ස්ථානය - රු.40,000.00
- 2 වෙනි ස්ථානය - රු.30,000.00
- 3 වෙනි ස්ථානය - රු.25,000.00
විවෘත අංශයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාගයන්ට අමතරව සම්මානයක්ද, කුසලතා සම්මාන ලබාගන්නා ජයග්‍රාහකයින්ට මුදල් තිළිණයක් සහ සහතික පත්‍රයක් ද ප්‍රදානය කෙරේ.
පාසැල් අංශයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාගයන් හිමිවන අතර ජයග්‍රාහි පාසැල් සඳහා සම්මාන හිමිවේ.
පාසැල් අංශයේ අයදුම්කරුවන් සිය නිර්මාණ විදුහල්පති වෙතින් නිර්දේශ කර එවියයුතු අතර ඒ සඳහා පාසැල් අයදුම්කරුවන් සඳහා ඇති අයදුම්පත්‍රය භාවිත කළ යුතුය.
අයඳුම් පත්‍ර සහ වැඩි විස්තර සඳහා
- වෙබ් අඩවිය - www.env.gov.lk
- ෆේස්බුක් පිටුව - https://www.facebook.com/sobachalana.sithuwam
- විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- දුරකතන - 011-2034175
විවෘත හා පාසැල් අංශය සඳහා අයදුම්පත් පහතින් ලබාගත හැකිය.
පුවත්පත් දැන්වීම: (Download)
“සොබා චලන සිතුවම්” පාසැල් අංශය සදහා: Soba Chalana School Application here:
“සොබා චලන සිතුවම්” විවෘත අංශය සදහා: Soba Chalana Open Application here:



