සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමේ මුලික අරමුණු වනුයේ වෙරළ හා සාගර පරිසරය ආරක්ෂා කිරීම හා දුෂණයන් අවම කරමින් පවත්වාගෙන යාමයි. 1981 අංක 59 දරන සමුද්‍ර දුෂණ වැලැක්වීමේ පනත. මගින් 1991 වසරේදී සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මගින් මෙම අධිකාරිය ස්ථාපිත කර ඇත.
අමාත්‍යංශ ගණනාවක් යටතේ ක්‍රියාත්මක වන සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරිය හදුන්වාදෙන 2008 අංක 35 දරන සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනත මගින් 2009 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරය ස්ථාපිත කරන ලදී.
වර්තමානයේ පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් පහත සදහන් කර්යභාර්යයන් ඉටුකරනු ලබයි.
2008 අංක 35 දරන සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනත ක්‍රියාවට නැංවීම,සමුද්‍ර දුෂණ වැළැක්වීම අවම කිරීම සහ පාලනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,තෙල් සහ රසායනික ද්‍රව්‍ය විසිරීම් පිළිබද ජාතික සැලැස්ම සම්පාධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම පෙට්‍රෝලියම් සහ ස්වභාවික සම්පත් ගවේෂණයේදී සමුද්‍ර පරිසරයට ඇති බලපෑම් නියාමනය කිරීම, සමුද්‍රය පරිසර පිලිබදව දැනුවත් කිරීම සහ සමුද්‍රීය පරිසරයට අදාල පර්යේෂණ සිදුකිරීම,සමුද්‍රීය පරිසර දුෂණයට අදාල අන්තර්ජාතික සම්මුතීන් සහ කෙටුම්පත් නිර්දේශ කිරීම සිදු කරන අතරම සමුද්‍ර දුෂණ ක්‍රියාවන්ට නීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම,නෞකා සදහා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් සැපයීම සහ නෞකා අතර සිදුවන බංකරින් ක්‍රියාවලිය නියාමනය කිරීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සිදුකරනු ලබන ප්‍රධාන කර්යභාර්යයන් වශයෙන් හදුන්වාදිය හැකිය.
විමසීම් විස්තර
- +94 112554006 / +94 112554373
- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- www.mepa.gov.lk