si_uni  ta_uni
TamilEnglish

 

පරිසර අමාත්‍ය

ගරු මහින්ද අමරවීර මැතිතුමා 



පරිසර අමාත්‍යාංශ ලේකම්

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා 

ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීම

සුවිශේෂිත සත්ව හා ශාකයන්ගේ එකතුවක් නියෝජනය කරමින් මුහුද හා ගොඩබිම අතර කිවුල්දිය පරිසරයෙහි නොනැසී පැවතීමට අනුවර්තනය වී ඇති කඩොලාන පරිසර පද්ධතිය අනෙකුත් පරිසර පද්ධතීන් අතරින් විශේෂ ස්ථානයක් ගනී. ලොව පුරා වෙරළබඩ ප්‍රජාවන්ගේ යහ පැවැත්ම, ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සඳහා මෙම පරිසර පද්ධතිය විශාල දායකත්වයක් සපයයි. ජෛවවිද්‍යාත්මක වශයෙන් පොහොසත් කඩොලාන පරිසර පද්ධතිය සමාජීය, ආර්ථික හා පාරිසරක වශයෙන් වැදගත් කාර්යය භාරයක් ඉටුකරන අතරම කාබන් තිර කිරීම සහ රඳවා ගැනීමට ඇති සුවිශේෂී හැකියාව නිසා දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වයි.

තව දුරටත් කියවන්න...
 
2020 ජූලි 26 දින ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරුම

         2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී අද්විතීය, විශේෂිත සහ තර්ජනයට ලක්ව ඇති කඩොලාන පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම අරමුණු කරගනිමින් සෑම වසරකම ජූලි 26 දින ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

තව දුරටත් කියවන්න...
 
ලෝක කඳුකර දින සැමරුම් උත්සවය - 2019

කඳුකරය ඉතා රමණීය භූ දර්ශණයක් වන අතර ඉහළ ජෛවවිවිධත්වයකින් මෙන්ම සංස්කෘතිකමය වටිනාකමකින් යුතු හා පාරිසරික සේවාවන් රාශියක් සපයන ප්‍රභවයක් ලෙස ඉතා වැදගත් වේ.

කඳුකරය, ලෝකයේ භෞමික ජෛවවිවිධත්වයෙන්  25%ක් දරණ අතර ජෛවවිවිධත්ව උණූසුම් ස්ථානවලින් 50%ක් කඳුකරයයි. තවද ලෝක ජනගහනයෙන් 15% කඳුරයේ ජීවත් වේ.  ආවේණික ජීවී විශේෂ සංඛ්‍යාවද ඉතා ඉහළය. විශාල විශේෂ විවිධත්වයක් හා වාසභූමි විවිධත්වයක්ද ඇත. එසේම කඳුකරය තුළ විවිධ ජන කොට්ඨාශ, සංස්කෘතිකමය විවිධත්වය සහ පාරිසරික දැනුම හා ඒ අනුව අනුවර්තනය වු ප්‍රජාවන් දක්නට ලැබේ.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

JPAGE_CURRENT_OF_TOTAL