පළාත් පාලන ආයතන මට්ටමින් පාරිසරික සංරක්ෂණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්රියාත්මක වන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ හයවන වැඩසටහන, 2026 ඔක්තෝබර් 07 වන දින මඩකලපුව සර්වෝදය ප්රාදේශීය මධ්යස්ථානයේදී පැවැත්විණි. පරිසර අමාත්යාංශය සහ රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සිංහල හා දෙමළ මාධ්යයන්ගෙන් පැවැත්වුණු අතර, නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් සහභාගී වූහ.









ජාතික පාරිසරික පනතේ නව සංශෝධන, ක්ෂුද්ර ප්ලාස්ටික් දූෂණය, ඝණ අපද්රව්ය කළමනාකරණය සහ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරිණි.
Image Gallery













