small gov

ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන යනු ශාක, ජෛව විවිධත්වය හා ඒවාගේ තිරසාර භාවිතය හා මල්වගා පිළිබඳ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සිදු කිරීම; ශාක විතැන් සංරක්ෂණය කිරීම; ශාක පිළිබඳ අධ්‍යාපනය ලබාදීම; මෙන්ම දිවයිනේ මල්වගාව ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මෙහෙයවීම සිදු කරන විද්‍යාත්මක ආයතන වේ. වාර්ෂිකව දෙස් විදෙස් උද්‍යාන නරඹන්නන් මිලියන 2.5කට වැඩි පිරිසකට විවේකය සුවයෙන් හිදිමින්, සොබාදහමට ආදරය කිරීමට ඉඩහසර සලසා දෙයි.

උද්භිද උද්‍යාන සියල්ල ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ; එනම්, බ්‍රිතාන්‍යයන් විසින් ස්ථාපිත කර ඇති පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය (1821), හක්ගල උද්භිද උද්‍යානය (1861), ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (1876)ද, ගනේවත්ත වන ඖෂධ උද්‍යානය (1950) ද, දේශීය විද්වතුන් විසින් ස්ථාපිත කළ මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය (2013) හා සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය (2015) ද වේ. ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන, පුරාණ රජ සමයේ 14වන සියවස තරම් ඈතට දිව යන දීර්ඝ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියයි. එකළ පටන්, උද්‍යාන සශ්‍රීකව පවතින අතර, ස්වභාවික හා කෘත්‍රිම පරිසරය පද්ධති තුළ තිරසර ලෙස ශාක සම්පත සංරක්ෂණය කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමට මහජනතාවට අවස්ථාව සලසයි.

විමසීම් විස්තර

  • +94 812 388 238
  • +94 011 – 2866633
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • www.botanicgardens.gov.lk