small gov

වර්ෂ 1937දී ප්‍රකාශයට පත් කරන ලද වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ක්‍රියාත්මක කිරීම සඳහා 1949දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද රක්ෂිත ප්‍රදේශ ජාලය කළමනාකරණය කිරීමත් මෙරට වනජීවී සම්පත සංරක්ෂණය කිරීමත් ඒ හා බැඳුණු නීතිය ක්‍රියාත්මක කිරීමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටවීමේ ප්‍රධාන අරමුණ විය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද රක්ෂිත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 9000ක් පමණ වෙයි.

වනජීවී රක්ෂිත ප්‍රදේශ පහත පරිදි වෙයි.

ජාතික රක්ෂිත

  • දැඩි ස්වභාව රක්ෂිත -  03
  • ජාතික උද්‍යාන -  26
  • ස්වභාව රක්ෂිත -  09
  • සමුද්‍රීය ජාතික උද්‍යාන- 01

            අභය භූමි                       66

මීට අමතරව,සමුද්‍ර අභය භූමි-දෙකක් සහ ව පිවිසුමක් ද ප්‍රකාශයට පත් කර ඇත.

දැක්ම

"වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා වනජීවී සම්පත් දිගුකාලීනව සංරක්ෂණය කිරීම."

මෙහෙවර

"සහභාගීත්ව කළමනාකරණය මගින් වනජීවී උරුමයන් තහවුරු කිරීම."

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අරමුණු පහත පරිදි වේ.

  • දිවයින තුළ පිහිටා තිබෙන ස්වභාවික පරිසර පද්ධතීන් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සංරක්ෂණය කර තිරසර ලෙස සංවර්ධනය සිදු කිරීම.
  • වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දිවයින තුළ වනජීවී නීතිය ක්‍රියාත්මක කිරීම.
  • ජාතික හා අන්තර්ජාතික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික සැලසුම් සහ වැඩසටහන් සම්පාදනය කිරීම.
  • රක්ෂිත ප්‍රදේශ තුළ පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කටයුතු දියත් කිරීම.
  • රට තුළ සිදුවන වනජීවී සම්පත් වල අවභාවිතයන් අවම කිරීම හා අන්තරායට ලක් වූ විශේෂ සඳහා සංරක්ෂණ සැලසුම් පිළියෙළ කිරීම.
  • වනජීවී සංරක්ෂණයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ දිරිගැන්වීම.
  • විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ රක්ෂිත ප්‍රදේශ හඳුනාගැනීම, වර්ගීකරණය කිරීම, කළමණාකරණය කිරීම යාවත්කාලීන කිරීම සහ ප්‍රකාශයට පත්කිරීම
  • මහජනතාව දැනුවත් කිරීම හා ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් මහජනතාව වනජීවී සංරක්ෂණය සඳහා නැඹුරු කරවීම
  • රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිත ප්‍රජාවගේ සමාජ, ආර්ථික තත්ත්වය වැඩිදියුණු කරමින් එම ප්‍රජාව සංරක්ෂණය සඳහා නැඹුරු කරවීම
  • අවතැන් වන වනජීවීන්ගේ සෞඛ්‍ය කටයුතු සිදු කිරීම.

ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සහකාර අධ්‍යක්ෂ කාර්යාල 14 ක් මගින් සංරක්ෂණ ක්‍රියාදාමයන් දියත් කර මෙරට වනජීවී සම්පත අනාගත පරපුර උදෙසා සංරක්ෂණය කිරීමේ භාරධූර කාර්යභාරය ඉටු කරයි.

විමසීම් විස්තර

 

  • +94 112 888 585
  • +94 112 883 355
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • www.dwc.gov.lk