small gov

විශේෂ පුවත්

"වන සුරැකුම" ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය  

ක්ෂණික අංකය: 1995     Whatsapp: 0701180100 

 

 

 

අප ගැන

සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි පරිසර අමාත්‍යාංශය කැපවී සිටී.

මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩි වෙමින් පවතින මානව ජනගහනයෙහි සමාජ හා ආර්ථික හැසිරීම ප්‍රධාන තර්ජනයක් එල්ල කොට තිබේ. රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස ප්‍රධාන ප්‍රතිපත්තීන් අමාත්‍යාංශය විසින් සකස් කොට තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය විසින්, නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාවෙහි සහභාගිත්වයෙනි.

සුවිශේෂී පරිසරික ස්ථාන

වෛද්‍ය දම්මික පටබැදි මහතා 

ගරු පරිසර අමාත්‍ය
Dr. Dhammika Patabandi
 

ඇන්ටන් ජයකොඩි මහතා

ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය
Anton Jayakodi
 

කේ. ආර්. උඩුවාවල මහතා

ලේකම්
Mr. K. R. Uduwawala
 
 
 

                     e repositary

නවතම පුවත්

වැදගත්
සබැඳි

විමසීම්

සොබාදම් පියස,
416/C/1, රොබට් ගුණවර්ධන මාවත,
බත්තරමුල්ල.ශ්‍රී ලංකාව.
 

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2026 වර්ෂය

පරිසර අමාත්‍යාංශය

බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත, අංක 416/සී/1, “සොබාදම් පියස” ලිපිනයේ පිහිටි පරිසර අමාත්‍යාංශය සඳහා 2026 වර්ෂය වෙනුවෙන් පහත සඳහන් භාණ්ඩ හා සේවා සැපයීම සහ වාහන අළුත්වැඩියා කිරීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.

ප්‍රධාන අයිතමය

උප අයිතමය

(අ) සැපයීම්

1.     සියළුම වර්ගයේ ලිපිද්‍රව්‍ය

2.     සියළුම වර්ගයේ මුද්‍රණ වැඩ

3.     විදුලි උපකරණ

4.     කාර්යාලයීය ගෘහ භාණ්ඩ

5.     පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, පරිගණක උපාංග, ටෝනර් සහ කාට්‍රිජ් ඇතුළු සියළුම කාර්යාලයීය උපකරණ

6.     කමිස (ටී ෂර්ට්), තොප්පි ආදී ඇඳුම් මුද්‍රණය කර සැපයීම

7.     රසායනික ද්‍රව්‍ය (සේදුම් දියර හා ද්‍රව්‍ය, වායුසමන පද්ධතිය සඳහා සිසිලසකාරක ද්‍රව්‍ය)

8.     ගොඩනැගිලි ද්‍රව්‍ය

9.     වැසිකිලි පද්ධති සඳහා අවශ්‍ය සියළුම අවශ්‍ය සියළුම උපාංග සැපයීම

10.   වැඩමුළු, උත්සව සඳහා ආහාර වර්ග හා සේවා සැපයීම

11.   දොර ලොක්, අඟුළු, Door Closer, සරනේරු

12.   විදුලි සෝපාන සඳහා අවශ්‍ය බැටරි සැපයීම (UPS Battery)

13.   ගිණි නිවීමේ උපකරණ සැපයීම

14.   විදුලි බල්බ, විද්‍යුත් සවිකිරීම් උපාංග (Wall Socket ආදි) සැපයීම

15.   අන්තර්ජාල හා දුරකථන පද්ධති සඳහා අවශ්‍යය US Connect සැපයීම

16.   කාර්යාල මේස සඳහා භාවිතා කරනු ලබන යතුරු තහඩු

(ආ) සේවා

1.     පරිගණක යන්ත්‍ර හා පරිගණක මුද්‍රණ යන්ත්‍ර අළුත්වැඩියා කිරිම හා නඩත්තු කිරීම (පරිගණක යන්ත්‍ර, ඡායාපිටපත් යන්ත්‍ර, රෝනියෝ යන්ත්‍ර, වැකුම් යන්ත්‍ර, පරිගණක මුද්‍රණ යන්ත්‍ර, පරිලෝකන යන්ත්‍ර, බහුවිධ මාධ්‍ය යන්ත්‍ර)

2.     විඩියෝගත කිරීම හා ඡායාරූපකරණය/ඇල්බම් නිර්මාණය/ රූපරාමු කිරීම

3.     ග්‍රැෆික්, වෙබ් අඩවි සහ මෘදුකාංග නිර්මාණය හා වැඩිදියුණු කිරීම

4.     කාර්යාල පිරිසිදු කිරිම් සේවා

5.     ආරක්ෂක සේවා

6.     උත්සව කළමනාකරණය සහ ඒ සඳහා අවශ්‍ය උපකරණ සැපයීම

7.     රබර් මුද්‍රා සහ දින මුද්‍රා සැකසීම

8.     ගොඩනැගිල්ලේ මධ්‍යම වායු සමීකරණ පද්ධති නඩත්තුව හා අළුත්වැඩියාව

9.     ගොඩනැගිල්ලේ සිවිල්, විදුලි, ජලනල හා යාන්ත්‍රික නඩත්තු හා අලුත්වැඩියා කටයුතු

10.   අන්තර්ජාල හා දුරකථන පද්ධති නඩත්තු කටයුතු

11.   ලී බඩු අලුත්වැඩියා කටයුතු

12.   ගිනි නිවීමේ පද්ධති නඩත්තුව හා අලුත්වැඩියාව

13.   පිටත හා උද්‍යාන අලංකරණ කටයුතු

14.   විසිතුරු පැළ සැපයීම හා නඩත්තුව

15.   ආරක්ෂිත කැමරා පද්ධති නඩත්තුව

16.   Split Ac නඩත්තුව හා අලුත් වැඩියාව

17.   අභ්‍යන්තර ඇමතුම් පද්ධති නඩත්තුව හා අලුත්වැඩියාව

18.   ශබ්ද පරිපාලන පද්ධති නඩත්තුව හා අලුත් වැඩියාව

(ඇ) වාහන අළුත්වැඩියාව

1.     වාහන සඳහා ටයර්, ටියුබ්, රිමිටේප් සැපයීම හා සවිකිරීම, රෝද සමබර කිරීම හා ඊට අදාළ කටයුතු

2.     වාහන සඳහා බැටරි සැපයීම හා සවිකිරීම

3.     සියළුම වර්ගයේ අළුත්වැඩියාවන් (කාර්මික, විදුලි හා පින්තාරු ඇතුළත්ව)

4.     වාහන වායුසමන පද්ධතිය අළුත්වැඩියා කිරීම

5.     වාහන කුෂන් වැඩ/ ෂීට් කවර යෙදීම හා කාපට් කිරීම

6.     වාහන සේවා කිරීම

7.     වාහනවල ස්ටිකර් ඇලවීම, ටින්ටඩ් කිරීම ආදිය

8.     වාහන ඇදගෙන යාමේ හෝ පටවාගෙන යාමේ සේවාව

(Break Down Service/Carrier Service)

සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වීමට අදාළ උපදෙස් සහ කොන්දේසි :

  1. සෑම අයදුම්පතක් සමඟම ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අමුණා තිබිය යුතුය
  2. ඇණවුම්වලට අදාල භාණ්ඩ මෙම අමාත්‍යාංශය වෙත නොමිලේ ප්‍රවාහනය කළ යුතුය
  3. සැපයුම්කරුවන් වශයෙන් ලියාපදිංචි වීමෙන් පසු මෙම අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලබන සේවාවන් නිසි පරිදි ඉටුකිරීමට අපොහොසත් වුවහොත්, එවැනි කරුණු ඉදිරි වර්ෂවලදී සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ දී සළකා බලනු ලැබේ.
  4. ලියාපදිංචි වීමෙන් පසු, මෙහි සඳහන් කොන්දේසි උල්ලංඝනය කරන්නන්, ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ ලේඛනයෙන් ඉවත් කරනු ලැබේ.
  5. පෙර වර්ෂවල මෙම අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටිම 2026 වසර සඳහා ලියාපදිංචි වීමක් ලෙස නොසළකන අතර ඔවුන් 2026 වසර සඳහාද නැවත ලියාපදිංචි විය යුතුය.
  6. සැපයීම්, සේවා සහ වාහන අළුත්වැඩියා කිරීම යන ප්‍රධාන අයිතමයන් යටතේ වූ උප අයිතමයන් සඳහා වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. එම එක් එක් උප අයිතමය සඳහා ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුව ලෙස රු.1,500/- ක මුදලක් ගෙවිය යුතුය.
  7. 12.03 දින සිට 2025.12.24 දින දක්වා පෙ.ව.9.00 සිට පව 3.00 දක්වා වූ කාර්යාලයීය වේලාවන් තුළදී පහත ලිපිනයේ පිහිටි මෙම අමාත්‍යාංශයේ සරප් අංශයට මුදල් ගෙවා, ලියාපදිංචි වීම සඳහා අයදුම්පත් ලබා ගත හැක.
  8. අයදුම්පතේ අංක 06 යටතේ සඳහන් ප්‍රධාන අයිතමය, උප අයිතමය හා උප අයිතමය පිළිබඳ විස්තරය සඳහන් කිරීමේදී නිසි පරිදි සැළකිලිමත් විය යුතුය.

       උදා : ප්‍රධාන අයිතමය                                 උප අයිතමය              උප අයිතමය පිළිබඳ විස්තරය

       (අ)                                                           01                            සියළු වර්ගයේ ලිපිද්‍රව්‍ය

  1. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් 20212.26 දින ප.ව.2.30ට හෝ එයට පෙර ලැබෙන සේ, ලේකම්, පරිසර අමාත්‍යාංශය, “සොබාදම් පියස”, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ඉහත ලිපිනයේ පිහිටි අමාත්‍යාංශයේ පළමු මහලේ පිහිටා ඇති ගිණුම් අංශය තුල ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම සිදුකළ යුතුය.
  2. අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2026” යනුවෙන්ද, ඊට පහළින් ප්‍රධාන අයිතමය හා උප අයිතමය ද සඳහන් කළ යුතුය.

      උදා : සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම - 2026

      සැපයිම් - 05 - පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, පරිගණක උපාංග, ටෝනර් සහ කාට්‍රිජ් ඇතුළු සියළුම කාර්යාලයීය උපකරණ

  1. අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු, හේතු ඉදිරිපත් නොකර, ඒවා භාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අමාත්‍යාංශයේ ලේකම් සතුය.
  2. මේ පිළිබඳ වැඩි විස්තර, ගණකාධිකාරි (සැපයීම්) ගේ දුරකතන අංක 011-2034119 හෝ අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ දුරකතන අංක 011-2034120 මගින් ලබාගත හැක.
  3. සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත අමාත්‍යාංශයේ වෙබ් අඩවිය https://www.env.gov.lk වෙතින් බාගත කර ගැනීම සිදු කල හැකි අතර, අදාල ලියාපදිංචි ගාස්තු ගෙවීම අමාත්‍යාංශයේ සරප් අංශයට පමණක් සිදුකළ යුතුය.

 

ලේකම්,

පරිසර අමාත්‍යාංශය,

සොබාදම් පියස,

අංක 416/සී/1,

රොබට් ගුණවර්ධන මාවත,

බත්තරමුල්ල.

 

Registration of Suppliers - 2026 Specimen Application: *APPLICATION FORM*

 

 

දිනය සිදුවීම
පෙබරවාරි 02 ලෝක තෙත්බිම් දිනය
මාර්තු 01 ලෝක මුහුදු තෘණ දිනය
මාර්තු 03 ලෝක වනජීවී දිනය
මාර්තු 21 අන්තර් ජාතික වනාන්තර දිනය
මාර්තු 22 ලෝක ජල දිනය
මාර්තු 23 ලෝක කාලගුණ දිනය
අප්‍රේල් 22 මිහිතල දිනය
මැයි 10 පර්යටනික පක්ෂි දිනය
මැයි 22 අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය
මැයි 23 ලෝක කැස්බෑ දිනය
ජුනි 5 ලෝක පරිසර දිනය
ජුනි 8 ලෝක සාගර දිනය
ජුනි 17 ලෝක කාන්තාර කරණය වැලැක්වීමේ දිනය
ජුලි 26 ජාත්‍යාන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය
අගෝස්තු 09 ලෝක ආදිවාසීන්ගේ දිනය
සැප්තැම්බර් 7 නිල් අහස සඳහා පිරිසිදු වාතය
සැප්තැම්බර් 16 ලෝක ඕසෝන් දිනය
ඔක්තෝබර් 4 ලෝක සත්ත්ව දිනය
ඔක්තෝබර් 13 ස්වාභාවික ආපදා වැළැක්වීමේ දිනය
ඔක්තෝබර් 16 ලෝක ආහාර දිනය
දෙසැම්බර් 05 ලෝක පාංශු දිනය
දෙසැම්බර් 11 අන්තර්ජාතික කඳුකර දිනය
 
 
 
 
    Mask Group 7   සොබාදම් පියස,                                                           වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය
             416/සී/1, රොබට් ගුණවර්ධන මාවත,                          Mask Group 7 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත,
             බත්තරමුල්ල,                                                                 කොළඹ 07,
             ශ්‍රී ලංකාව.                                                                     ශ්‍රී ලංකාව
 
  Mask Group 8      +94 11 2034100                                                    Mask Group 8      +94 113 671 490    fax copy    +94 11 2879051 
 
    Mask Group 9     This email address is being protected from spambots. You need JavaScript enabled to view it.                                                   Mask Group 9       This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
නම සහ තනතුර දුරකථන අංකය ෆැක්ස් අංකය
වෛද්‍ය දම්මික පටබැදි මහතා
ගරු පරිසර අමාත්‍යතුමා
+94 112 034132 +94 112 879954
ඇන්ටන් ජයකොඩි මහතා
ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා
+94 112 034132 +94 112 879954
කේ. ආර්. උඩුවාවල මහතා
ලේකම්
+94 112 034 122 +94 112 879 944
සුධීර ජයරත්න මහතා
අතිරේක ලේකම් (පාලන)/ (ස්වභාවික සම්පත් - රාජකාරී ආවරණය)
+94 112 034 126 +94 112 879 953
ආර්.එච්.එම්.පී. අබේකෝන් මිය
අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැළසුමු)
+94 0112 034 127 +94 112 879953
ආර්.ඩී.එස්. ජයතුංග මහතා
අතිරේක ලේකම් (පරිසර සංවර්ධන)
+94 112 034 192 +94 112 879 975
ඩබ්.ජී. කුමාරගම මිය
අතිරේක ලේකම් (පරිසර ව්‍යාපෘති හා අධ්‍යාපන පුහුණු)
+94 112 034 166 +94 112 879 966
චාන්දනී විජයවර්ධන මිය
අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන)
+94 113 661 230 +94 112 879 273
සුනේත්‍රා පතිරත්න මිය
ප්‍රධාන මූල්‍ය නිලධාරී
+94 112 034 115 +94 112 879 949 
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය    
එච්.එම්.බී.පී. හේරත් මහතා
අතිරේක ලේකම් (පාලන)
+94 113 671 496
+94 112 888 513 
සමන්ති රණසිංහ මිය
අතිරේක ලේකම් (සංවර්ධන)
+94 112 879 342  
වයි.ඩී.එස්.එස්. මල්සිංහ මිය
අතිරේක ලේකම් (ව්‍යාපෘති සහ තාක්ෂණ)
+94 113 607 065  
යූ.පී.එල්.ඩී. පතිරණ මිය
අධ්‍යක්ෂ ජනරාල් (විමර්ශන)
+94 113 661 231