ශ්‍රී ලංකාවේ කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතනවල ඉගෙනුම ලබන ශීතකරණ හා වායු සමන ක්ෂේත්‍රයේ සිසුන් සඳහා පුහුණු උපකරණ හා යන්ත්‍ර ප්‍රදානය කිරීමට අදාල අවබෝධතා ගිවිසුම් 2025 ජුනි මස 11 වැනි දින පරිසර අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. මෙම ගිවිසුම් පරිසර අමාත්‍යාංශය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA), ජාතික තරුණ සේවා සභාව (NYSC), සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) අතර අත්සන් කරන ලදී.
මොන්ට්‍රියල් සන්ධානයේ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම යටතේ පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය මගින් විවිධ ක්‍රියාකාරකම්/වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම ගිවිසුම් යටතේ, නවීන ශීතකරණ හා වායු සමන පුහුණු උපකරණ සහ යන්ත්‍ර තෝරාගත් TVET ආයතන වෙත ප්‍රදානය කරනු ලබයි. මේ යටතේ ප්‍රදානය කිරිමට නියමිත පුහුණු උපකරණ හා යන්ත්‍රවල දළ වටිනාකම රුපියල් මිලියන 42 ක් පමණ වේ.
මෙහි ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතනවල පුහුණුව ලබන ශීතකරණ හා වායු සමන ක්ෂේත්‍රයේ සිසුන් සඳහා හොඳ සේවා පුරුදු පිළිබඳව මෙන්ම නවීන තාක්ෂණයන් පිළිබඳව ද දැනුම ලබා දීම සඳහා TVET ආයතනවල පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම වේ. එමගින් මොන්ට්‍රියල් සන්ධානයේ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අනුකූල වන පරිදි ශීතකරණ හා වායු සමන ක්ෂේත්‍රයේ සමස්ත ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම හා එය පවත්වා ගැනීමට හැකියාව ලැබෙන අතර දක්ෂ ශ්‍රම බලකායක් බිහිකිරීම ද අපේක්ෂා කරයි.