නිල් අහස් තලයක් සඳහා පිරිසිදු වාතය පිළිබඳ පළමු ජාත්‍යන්තර දිනය 2020
වායු සම්පත් කළමනාකරණ අංශය විසින් 2020 සැප්තැම්බර් 07 වන දින “නිල් අහස් තලයක් සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය” සැමරීමේ වැඩසටහනක් පරිසර අමාත්‍යාංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරීශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, මොරටුව විශ්වවිද්‍යාලය, ජාතික ගොඩනැගිලි ආයතනය මගින් සම්පත් දායකත්වය ලබා ගන්නා ලදි.මෙම වැඩසටහන වෙබ් පදනම් සම්මන්ත්‍රණයක් ලෙස ද සංවිධානය කර තිබුණි.මෙම අවස්ථාවට සමගාමීව වායු තත්ත්ව කළමනාකරණයෙහි වැදගත්කම පිළිබඳව ඩේලි මිරර් පුවත්පතේ පුවත්පත් අතිරේකයක් පුද්ගලික අංශයන්ගේ දායකත්වයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ රූපවාහිනී වැඩසටහන් හරහා මහජනතාව දැනුවත් කිරීම සිදු කෙරිණ.
ශ්‍රී ලංකාවේ වායු තත්ව කළමනාකරණය පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය
ශ්‍රී ලංකාවේ වායු තත්ව කළමනාකරණය පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය 2018 අගෝස්තු 16, 17 වන දින ශ්‍රී ලංකාවේ වායු තත්ව කළමනාකරණය පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය 2018මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුග්‍රහය / සභාපතිත්වය යටතේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී. වායු දූෂණය හා වායු සම්පත් කළමනාකරණය හා සම්බන්ධ නවීන තාක්ෂණයන්, විද්‍යාත්මක හා ප්‍රතිපත්ති සංවර්ධනය මෙහි සාකච්ඡා කෙරිණි.
Air That We Breathe - 2016
හයවන ජාතික සම්මන්ත්‍රණය 2016 මැයි 5, 6 දිනවල බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. වායු සම්පත් කළමනාකරණය සහ සැලසුම් කිරීම, වාතාවරණය සහ වායු දූෂණය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයන්හි හොඳම භාවිතයන් හඳුනා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එය අවධානය යොමු කළේය. සමාරම්භක සැසියේදී ක්ලීන් එයාර් 2025 ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරන ලදී.